Thursday, May 29, 2014

නංගි මම වැරදිද ?

මේ කතාව ලියන්නද නැද්ද කියල මම දෙපාරක් හිතුව  මේ කතාවෙන් හිතන්න දෙයක් තියනව.. කතාවේ කියවෙන චරිත ගැන ඔයාලට කියන්න දෙයක් තියෙයි .කතාව කියවල ඉවර උනාම ඔයාලට හිතෙයි මේ කතාවේ කියන අයගෙන් එක්කෙනෙක් වැරදී  කියල හැබැයි ඔයාට වැරදී කියල හිතෙන කෙනා තව කෙනෙක්ට වැරදි නැති වෙන්න පුළුවන් ..හැමදේම තීරණය වෙන්නෙ ඔයාල ඒ චරිතදිහා බලන කෝණය අනුව .මේක ගොතපු කතාවක් නම් නෙමෙයි ඇත්තම කතාවක් හැබැයි පොඩි සංවාදයක් ..  මුහුණු පොතෙන්  මාත්  එක්ක කතාකරන ගොඩක් හිතවත් අය්ය කෙනෙක් ට වෙච්ච සිදුවීමක් තමයි මේ. එයාගේ නමවත් විස්තර වත් මෙතන කියන්න වෙන්නේ නෑ .
      කාලයක් එකදිගටම මාත් එක්ක කතා කල අය්යා එකපාරටම කතා කරන එක නැවැත්තුව ..හේතුවක් වත් මොකුත් දන්නෑ .message  යැව්වත් reply  නෑ . හිතාගන්න බැරිව හිටියේ මොකක් උනාද කියල ඔන්න මාසෙකට පස්සේ මට reply එකක් එවල තිබ්බ . කතාව  ඒ විදිහටම එයාගේ වචනෙන්ම කියන්න ඕන නිසා සංවාදයක් විදිහට ලියන්නම්  මෙන්න මේකයි කතාව ....


දැන් online  එන්නෙත් නෑ 



      අහ් ..ඇයි  මතක් උනේ අපරාදේ හිටිය විදිහටම ඉන්න තිබ්බනෙ . message වලට reply  එකක් එවන්න වත් වෙලාවක් නෑනේ  නේද  :/ ඕන වෙලාවට විතරක් කතා කරනවා අනෙක් වෙලාවට ගණන් ගන්නේ වත් නැ .අපෝ ඕවගේ යාළුවො ඕනෙ නෑ  :( 

 අය්යෝ  නංගා  එහෙම දෙයක් නෙවේ ..පහුගිය දවස් ටිකේම  මම ගොඩක්  කලකිරිලා හිටියේ .fb  වත් අවේ නැත්තේ ඒකයි .


     කළකිරිලා  ? එමොකටද ?


හ්ම්ම් ... ඒක  දිග කතාවක් ...


    කැමතිනම් කියන්න ..මම අහන්  ඉන්නම් 


ඔයාට මතකද මං  ඔයාට අන්තිමට කතාකලේ  මගේ birthday එක දවසෙනේ ..


     ඔව් ..



මට ගෙදරින් proposal එකක් ගෙනෙල්ල තිබ්බෙ එදා මං ගියා ඒ කෙල්ලව බලන්න 

    proposal  එක නිසාද fb අවේ නැත්තේ අය්යෝ මෙහෙමත් අය්යෙක් 

    හි හී ...

ඉන්නව මැට්ටි මං  කිව්වේ නෑනේ තාම ..


   හා එහෙනම් කියන්නකෝ  :P 


proposal  එකට මං කැමති උනා .එයත් මට කැමතී කිව්වා ..හොඳටම ..මං බලකලේ නෑ .ඊට පස්සෙ තමයි මං හිතුවෙ fb ඇවිල්ල කාලේ කන එක හරි නැ පිළිවෙලක් වෙන්න ඕන කියල .


 ඉතිං ..


එයා  මාත් එක්ක හොඳට කතාකලා ..මාව දාල යන්නේ නෑ  කියලත් කිව්වා  හැබැයි ..එත් එහෙම කියල සති දෙකකට පස්සේ  පැය දෙකක් ඇතුළත එයා  වෙනස් උනා 



  :O   පැය දෙකක් ?

ඔයාම මේක අහල කියන්න මං වැරදිද කියල 

          එයා මට කැමති කිව්වනෙ ඊට පස්සෙ එක දවසක අපි ෆෝන් එකෙන් කතාකරද්දී එයා මගෙන් ඇහුව "ඔය කවද හරි දවසක drinks  අරන් තියනවද " කියල මම කිව්වා කැම්පස් එකේ ඉන්න කොට දෙතුන් පාරක් beer  බීල තියනවා දැන් නම් කොහොමත් නෑ ඒ සිද්දිය උනෙත් දැන් අවුරුදු 3 කට විතර කලින් කියල .මං  කිව්වා මේක කාටවත් කියන්න එපා මං  මේක අපේ අම්මට වත් කියලනෑ කියල 

   හ්ම්ම් ... ඊට පස්සෙ 


 මාත්  එක්ක එයා ටිකක් වෙලා කතා කළා ඊට පස්සෙ ගූඩ් නයිට් කියල නිදාගත්ත ..............පහුවෙනිදා උදේ ..එයා හැමදේම  ගිහින් එයාගේ තාත්තට කියල .එතකොට තාත්ත එපා කිව්වා කියල එයා මට කතා කරලා කිව්වා මේ සම්බන්දෙ නවත්වමු කියල .. ...

මේක අහල මට සංසාරේ එපා උනා  නංගි .
     මට ඕන උනේ අවංක වෙන්න  පොඩි රහසක් වත් තියාගන්න ඕන උනේ නෑ .මම ඕක කිව්වේ නැත්නම් එයාට ඒක කීයටවත් හොයාගන්න හම්බෙන්නෙත් නෑ .එත් මගේ අවංක කම මටම හරහට හිටිය 

   හ්ම්ම් ... අනේ මන්ද සමහර විට එයා හිතන්නැති ඔයා  දැනටමත් බොනවා එත් ඒ බව කියන්නෑ  කියල ..බීල ජීවිතේ නාස්ති කරන කොල්ලන්ට කෙල්ලෝ ආස නැනේ අය්යේ එයාලට ජීවිත කාලෙටම විඳවන්න බෑනේ ..


නෑ නංගි එකක් මං  ඒ වෙලාවේ බිව්වේ පොඩ්ඩක් ඒක දැන් නෑනේ අනෙක මේ දේ මගේ කැම්පස් යාලුවෝ වත් වැඩිය දන්නේ නෑ  .මම අවංක උනා  වැඩි එයා මට කිව්වේ මොන දේ තිබ්බත් කතා කරලා විසන්දගන්නවා කියල ..මැරෙනකන් අයින් වෙන්නේ නෑ කියල කිව්වේ එහෙම කෙනෙක්ට පැය දෙකෙන් වෙනස් වෙන්න පුලුවන්ද නංගි හදවතක් තියනවනම් ..


    ඔයා ඉතින් මේගැන මොනාවත්ම කලේ නැද්ද ?ගෙදර අයත් එක්කවත් කතා කලේ නැද්ද ?


පස්සෙ  මං එයාට ගන්න ගොඩක් try කළා එත් එයා answer කලේ නෑ message    යැව්ව  ඒත් 

 reply  එව්වේ නෑ බැරිම  තැන  මම proposal  එක ගෙනාව එයාගේ පුංචිට කතා කළා එයා කිව්වෙත් මම ඕනවට වැඩිය අවංක උන නිසා මේ දේ උනා  කියල .එයත් පැහැදිලි කරලා තිබ්බ එත් වැඩක් උනේ නෑ .

    විසඳගන්න තිබ්බ ප්‍රශ්නයක්   ඇයි  හම්බෙලා කතා කලේ නැත්තෙ?


කතා කරන්න හැදුව... හැම විදිහටම ....මම   වැන්දේ නම් නෑ  එත් එයා වෙනස් උනේ නෑ... අන්තිමට  මං එයාව හිතින් අතැරලා දැම්ම හැබැයි...... මට ජීවිතේ ගැන පුදුම කලකිරීමක් ආවේ ...


 ඔයාට වෙච්ච දේ ගැන ගොඩක් දුකයි .. ජීවිතේ අපි ට වෙන ගොඩක් දේවල් කවදාවත්ම හිතන්නේ නැති විදිහටනේ වෙන්නෙ ..හිත හදාගන්න බලන්න අය්යෙ ..මන්ද මට ඒ girl ගේ පැත්තේනුත් හරි කියල හිතෙනව හැබැයිඑයාට  කතා කරලා විසඳ ගන්න තිබ්බ හැමදේම 


සමහර විට මම ඉස්සරහට මේවගේ අවංක වෙන්නැති වෙයි එහෙම නැත්නම් කිසිම කෙනෙකුට ආදරේ කරන්නැති  වෙයි ..මට තේරුම් ගන්න බැරි ඇයි  අවංක වෙන මිනිස්සුන්ට ම ජීවිතේ දුක් විඳින්න වෙන්නෙ ....

.
.
.





ඔන්න ඔහොමයි කතාව උනේ .. තව ගොඩක් දේවල් ඒඅය්යා  කිව්වාවැරදි කවුද කියල මම කියන්නෑ ... මට කියන්න ඕන උනේ මෙහෙමත් දේවල් මේ සමාජයේ අපිට අහන්න වෙනවා කියල . ඕගොල්ලන්ට හිතන්න ඉඩ ඇරලා මම නවතින්නම් .....................

11 comments:

  1. හරිම මෝඩ ලමයි දෙන්නෙක්. ඔය අෑයෝ අහගරු ලෝකේද ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. අඟහරු ලෝකෙ කෙසේවෙතත් සුරංගනා ලෝක වල ජීවත් වෙච්ච අයදෝ කියලත් හිතුන .... :D

      Delete
  2. හ්ම්ම් ලස්සන ශෝකාන්තයක්, පවු අසරණය, මටනම් හිතෙන්නේ ඕනාවට වැඩිය අවංක වෙන්න ගියාම ඇත්තටම කෙලවනවා නංගි, එක මටත් වෙලා තියෙනවා, ඇත්තටම වෙලා තියෙන්නේ අපේ අවංක කම වැදි හින්දම අපි නිකන්ම විසික් වෙනවා, හුගක් අය අද මිනිස්සුන්ව මනින්නේ එයා අඳින පළදින විදියට, එයාගේ ස්ටයිල් එකට, එයාගේ ලස්සනට, එත් කවුරුවත් එයාගේ අතුලන්තේ ඉන්නේ මොකාද කියල තේරුම් ගන්න උත්සහ කරන්නේ නෑ, කැම්පස් වල නොබොන අඩු තරමේ බියර් එකක් වත් නොබොන කොල්ලෙක් නෑ නංගි, එහෙම ඇය ඉන්නවනම් ඒ හුඟක් කලාතුරකින්, එක කැම්පස් ජීවිතේම කොටසක් මොකද කැම්පස් එකේම වෙන සිද්දි කොල්ලෙක්ට බොනවා කියන ඔප්ෂන් එකට යන්න හේතුවෙනවා, නොබොන උන් එක්ක බොන උන් හොස්ටල් වැටුනොත් එත් වෙන්නෙත් ඒකමයි. මාත් කසිප්පුයි, වයින් ස්ප්රීතුයි, සිගරටුයි, එතනොලුයි, ගල් අරක්කු, පොල් අරක්කු, වයිට් අරක්කු ඇරෙන්න හැම දේම බීල තියෙනවා. එක්කෝ ඒ දෙ බීල බලන්න තියෙන ඕන කමට, මොකද කොල්ලෙක් උනාම් ඔය දේවල් අත්හදා බලනවා,ඒ වගේම මම බොන එවුන් ඉන්න තැන නොබීත් ඉඳල තියෙනවා. බොන එවුන් විහිළු කලාට බොනවනම් බොන්නත් නොබෝනවනම් නොබී ඉන්නත් තමන්නට කොන්දක් වගේම තමන් ඉන්නේ මොන ප්‍රතිපත්තියේද කියන එක වටිනවා. මොකද මන් දන්නවා ඔය නොබොන උන්ට වැඩිය බොන උන් ජීවිතේ විදිනවා, ඒ වගේම විඳවන එවුනුත් ඉන්නවා. ලයිට් ගියා. u.p.s එකේ පවර් එක මදි. දැනට මෙච්චරයි. මන් අයෙත් ඇවිත් සම්පුර්ණ කරලා යන්නම් කොමෙන්ට් එක.

    ReplyDelete
    Replies
    1. හරි දැනුයි ආයිත් ආවේ, කෙල්ලෙක්ගෙ පැත්තෙන් කෙල්ලො බොන උන්ට කැමති නොවෙන්න පුළුවන්. එත් අර කියන්න වගේ බෙබාල නොවී පොඩ්ඩක් බිව්වම මොකක්ද තියෙන අවුල? මොකද අපේ කැම්පස් එකේ බෙබාලම වගේ කොල්ලොත් ඉන්නවා, බීල පිස්සුම කෙලින, හොඳට තමන්ගේ ලව් එෆෙයාර් එක ගෙනියන, ඒ වගේම උන් එක්සෑමුත් පාස්, ඒ කෙල්ලොත් තමන්ගේ කොල්ල කවුද කියල හරියටම තේරුම් අරගෙන ඉන්නේ. බොන නොබොන එකට වඩා දෙන්නට දෙන්න හරියටම තේරුම් අරන් දෙන්න අතර ගොඩ නගා ගන්න අවබෝදයයි වටින්නේ. ඒ අතින් මට කියන්න තියෙන්නේ අර දේශක අයියා කියනවා වගේ මුන් දෙන්න නම් මොඩම ඩබලක් කියල තමා. ලවු කරාට එකෙක්වත් එකෙකුට එකෙක් තේරුම් අරන් නෑ, එක දැන් නහින්න හදනවා නැතිඋනු දෙයක් නිසා, කෙල්ල කොහෙවත් තියෙන කරුණක් නිසා කොල්ලව අතහැරලා දාල. ඔය ප්‍රපොසල් වල තියෙන කතන්දරේ ඕකම තමා. එත් ලවු කරපු උන්ට වඩා ප්‍රපොසල් වලින් එකතු උණු අයත් ජීවිත යස අගේට විඳිනවා විඳවන් නැතිව. නංගි අර මුලින් කිව්වා වගේ ඕක සාපේක්ෂයි. බලන කෝණය අනුව තමා හැම දේම වෙන්නේ, කෙනෙක් උස වෙන්නේ තව කෙනෙක් මිටි හින්දම නේද? ඔන්න ඔය වගෙයි කතන්දරේ.

      ඒ වගේම fb කතාවක් නිසා ඕක බොරුවක් වෙන්නත් බැරි නෑ, මොකද ගොඩක් අයියලා ශෝකාන්ත කියාගෙන තමා එන්නේ පොල් පලේ කන්න. එත් ඉතින් ඕක ඇත්තද බොරුද කියන්න මන් දැන් නෑ. කොහොම උනත් හොඳ ලිපියක්, එත් වැඩිය හිතන්න දෙයකුත් නෑ, හරියටම කතාව තේරුම් ගත්තනම්. ජය වේවා.

      Delete
    2. හ්ම්ම්... අය්යට ගොඩාක් දේවල් කියන්න හිතිලා ... :) හැමදේම විවෘත ව කියල .. කියපු හැමදේම ඇත්තක් තියනවා .හැබැයි මම දන්නා අපේම batch එකේ කොල්ලෝ ඉන්නවා අරක්කු,බියර් තියා වෙන මොනවත් බොන්නේ නැති. හැබැයි මනුස්සයෙක් අරක්කු සිගරට් බිව්වේ නෑ කියල ඒ මනුස්සය අනෙක් බොන මනුස්සයකුට වඩා අතිශය හොඳ වෙන්නෙත් නෑ ඒක ඇත්ත ...මේක කියවන ගොඩක් අයට හිතෙයි කෙල්ල වැරදි කියල .ඇත්ත මමත් පිලිගන්නවා බඳින්නත් කලින් ඔය වගේ පොඩි ප්‍රශ්නයක් වත් කතා කරලා විසඳ ගන්න බැරි නම් ,අඩුම තරමේ අවංක වුන එකට වත් ගරු කරන් නැත්නම් එතනින් එහාට ඒ සම්බන්ධෙ දුර දිග ගියේ නැතිව නැවතුන එකත් හොඳයි. හැබැයි මම දන්නා ගොඩක් සමීප අයත් ඉන්නවා මහත්තයා බීල මුළු සේසතම විනාස කරගෙන අනාථ වෙලා ජීවිතේ නැත්තටම නැති වෙලා විඳවන අය .ඒ වගේ සිද්දි ගොඩක් ඇහිලා තියන කෙනෙක් නම් ,ඒ වගේ පවුල් පරිසරයක හදුනා කෙනෙක් නම් අකමැති වීමේ සම්භාවිතාවය ත් වැඩි මොකද කෙල්ලෝ marry කරන්නෙ බීල එන මිනිස්සුන්ගෙන් ගුටි කන්නවත් ජීවිතේ විඳවන්න වත් නෙමේනේ .එහෙමනම් සීමාවට එහා බොන මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න ඕන එත් ඉතින් බඳින්න කලින් කොහොමද දන්නේ මෙච්චර බොනවා මෙච්චර පිස්සු කෙලිනවා කියල .මේ හේතු නිසා අකමැති වෙන්නත් පුළුවන් නැත්නම් අකමැති වෙන්න වෙනත් හේතුවක් තිබිල මේ පිටින් දැම්ම වෙන්නත් පුළුවන් දෙපාර්ශවයේම වැරදි තියනවා . අය්ය කිව්වා වගේම මෙතන ලොකුවටම මට දැනුනේ ඒ දෙන්න අතර අවබෝධයක් නෑ කෙනෙක් තව කෙනෙක් විශ්වාස කරන තත්වෙට පත්වෙලා නෑ ..proposal එකක් නිසා දෙන්න අතර තියන අවබෝදය අඩුකමද කියලත් හිතෙනවා .


      මේ කතාවේ අය්යා මට කිව්ව කථාව නම් මට හිතෙන්නේ ඇත්ත . ..දුක කියන මුවාවෙන් ආවනම් එතනින් එහාටත් ආයේ ආයේ කතා කරලා අනුකම්පාව ගන්නවනේ මෙතන එහෙම දෙයක් උනේ නෑ මේ කතාව කියලත් දැන් මාසෙකට වැඩි .එදා ඉඳන් අද වෙනකන් එයාව ඔන්ලයින් වත් දකින්න හම්බුනේ නෑ මැසේජ් එව්වෙත් නෑ සමහරවිට හැමදේම අතැරලා දාන්නැති ....

      Delete
  3. අයියා වෙන පොතකට එන්න හදනවද කියලත් හිතෙනවා. නැත්නම් අර ළමයට මෙයාගෙන් අයින් වෙන්න ඕන කමක් මොනවා හෝ තේරෙන්න ඇති. ඒ නිසා තමයි අර විදියේ බොරු ගැටලුවක් අල්ලගන්නේ. මේවා 64 මායම්ද 128 මායම්ද කියලා හිතාගන්න අමාරුයි. කෝකටත් ඔබ පරිස්සමින්. අනුන්ගේ දුක්ගන්නා රාළ වෙන අයත් අමාරුවේ වැටෙනවා.

    ReplyDelete
  4. සමහර විට වෙන හේතුවක් නිසා අයින් වෙන්නැති කියලත් හිතුන ..ඔයා කියපු දේවල් නම් ඇත්ත .. යාලුවෙක් නිසා දුක ඇහුවට දුක බදාගන්න නම් මමත් කැමති නෑ .මම හැම වෙලේම පරිස්සම් මේ කතාවේ හිතන්න දෙයක් තියනවා කියල හිතුන නිසා මේක ලියන්න හිතුන . :)

    ReplyDelete
  5. මටනං හිතෙන්නෙ දෙන්නම වැරදියි..!

    ReplyDelete
  6. හ්ම්ම් ... මටත් හිතුනා ...දෙන්නගෙම වැරදි තියනව ...........

    ReplyDelete
  7. ගොං කෙල්ලෙක්...ඔහොම ඇත්ත කියන කොල්ලො එක්ක ජීවිතෙ බෙදා ගන්න ලේසියි.මට නම් සම්බන්ධතාවයක අංක 1 බොරු නොකරන එක

    ReplyDelete
    Replies
    1. අලුත්ම තොරතුරු නම් ඒ අය්ය වෙන ගැල්ලමෙක් බැඳලා දැන් සතුටින් ඉන්නවා :)

      Delete