Thursday, May 15, 2014

තනි තරුවේ ...






  දුරයි ..ගොඩාක් දුරයි ....ළඟාවෙන්න බැරි තරමට ඔයා  දුරට ගිහින් ....
  එත් ඔයා  දන්නවද ....මගේ ඇස් තාමත් ඔයාගෙන් ඉවතට ගන්න බැරිවෙලා .
                            .
                  ~(නිහඬතාවය ...)~
                            .
 මම ඔයා දිහා තාමත් බලාගෙන ...වචන ඔක්කොම හිරවෙලා වගේ.. 
....ඔයාට ඇහෙනවද ? .... මගේ හිත ගොඩාක් දේවල් කියනව ..ඔයාට ඇහෙනවද ?

 රෑ  හරිම නිහඬයි . කවුරුත්වත් නැ ...මායි හුදෙකලාවයි විතරයි .
                                           .
                   ~(නිහඬතාවය ...)~
                              .
            මෙහෙ බලන්න ..ඔයාට මාව පේනවද? ..මම මෙහෙ ...බලන්න.. ඔයාට පෙනෙයි කට්ට කළුවර පොළවෙ එක තැනක පොඩි එළියක් .....දැක්කද?... ඔව්  ඒ මම ..
       තාමත් ජනේලෙ  ගාවට වෙලා ඔය දිහා බලන් ඉන්නව ......

          ඔයා අහගෙන නේද ඉන්නෙ ?..ම්ම්ම් ...මම කියන්නද දෙයක් ? ..මේ කළුවර අහසෙ.. ඔයා  ලස්සනට දිළිසෙනවා ....ඔව්..මං වශී වෙලා වගේ බලාන ඉන්නව....හ්ම්ම්... කෝ හඳ ...අහ්හ් ...හැංගිලා වලාකුලකට හැංගිලා .හ්ම්ම් ..එත් ඔයා ..ඔයා  තාමත් ඒ විදිහමයි .හරියට  මං  ඉන්න නිසා මා එක්ක ඉන්නවා වගේ .
                                       .
                   ~(නිහඬතාවය ...)~
                              .
         ... මේ අහන්න ...ඔයාට තේරෙනවද මං කියන  දේ ..ඔයාට පේනවද මගේ ඇස් කියන දේ .මේ ඇස් මෙච්චර වෙලා ඔයා  එක්ක කතා කලා .... මම දන්නවා  ..ඔයාට ඒක  දැනෙනව....

                                       .
                   ~(ඉකි ගසන  හඬක්  ...)~
                              .

...මට දුකයි...ගොඩක් දුකයි .. ඔයා ඈතයි .. ගොඩාක් ඈතයි . .. මට ලං වෙන්න බැරි තරමට ඔයා  ඈතයි ...
හ්ම්ම් ... කමක් නෑ ..ඔයා ඈත උනාට මගේ හිතේ ඔයා  ගොඩාක් ලඟයි ..
                       පොරොන්දු වෙන්න මාව දාල  යන්නෑ  නේද ?
ඔයා  ඔතනම ඉන්න  ඉන්න මාත් මෙතනම  ඉන්නම් .....මට පොරොන්දු වෙන්න ආයෙමත් ..ඔයා යන්නෑ  නේද ...මං  හෙටත් එන්නම්  ඒ එද්දිත් ඔයා  ඔතනම ඉන්න ..මට ගොඩක් දේවල් තියනවා කියන්න ...



......... .....................................    තනි තරුවේ ........... .................................

කාත් කවුරුවත් නැති නිහඬ රෑක  ලස්සන සිංදුවක්  ඇහුව ..තනි තරුවේ ..වික්ටර් රත්නායක යන්ගේ තවත් හිතට  වදින  සිංදුවක් ..සින්දුව අහන ගමන් ලියන්න හිතුන  ..ඉතින් මම ලිව්වා ... ඔව්...  තනිතරුවට.... 

6 comments:

  1. හරිම අපූරුවට ගීතය ඔයාට දැනුනු හැටි විස්තර කරලා තියෙනවා, ඇත්තටම ලස්සනයි, ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයත් ඔය වගේම තරුවක් දිහා වැල්ලේ ඉඳන් බලාගෙන ඉඳිද්දී හිතට ආපු සිතුවිල්ලක් කුටු ගාල. පස්සේ එක ගීයක් වෙලා වික්ටර් රත්නායක මහත්තය ගයනව. මාත් ආසම ගීතයක්, අනේ මන්ද ඒ සින්දුවත් එක්ක නිකන් මාත් තනිවෙනවා වගේ.

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි ... :)
    තනිකම අපි හැමෝටම දැනෙන දෙයක් . උදේ ඉඳන් රෑ වෙනකන් එකම ජීවනරටාවක් එක්ක වැඩ ගොඩක් බදාගෙන හැල්මේ දුවන නිසා අපිට තනිකමක් දැනෙන්නේ නෑ .ඒත් වැඩ ඉවර වෙලා තමන්ගේ හිතට කතාකරන්න පොඩි ඉඩක් දුන්න වෙලාවට ඒ තනිකම ගොඩක් දැනෙනවා .ඔයා කිව්වා හරි මේ සින්දුව ලස්සනයි....තනිකම වෙලාවට අහන්න කියාපු සින්දුවක් :).

    ReplyDelete
  3. අදයි ගොඩ වැදුණේ මේ ඉසව්වට. බොහොම අගේට විස්තර කර ඇති ලිපියක්. දිගගටම ලියමු ඉතින්
    - නලින් දිල්රුක්ෂ

    ReplyDelete
  4. මෙහෙ ආවට ගොඩක් ස්තුති ආයේ වෙලාවක ගොඩවෙලා බ්ලොග් එහෙම කියවල යන්න :)

    ReplyDelete
  5. මගේ බ්ලොග් එකට නම වැටුණෙත් ඔය සිංදුව නිසා..:D
    රෑක ඇහෙද්දි දුක හිතෙන් දැනෙන සිංදුවක්...:)

    ReplyDelete
  6. සින්දුව අහද්දී මට වගේම තනි තරුවටත් දුකක් දැනිල එහෙනම් .........පාලු රෑ ක හීතල හුළඟත් එක්ක ජනේලෙ ලඟට වෙලා ඔය සින්දුව අහද්දි හිතට දැනෙන හැගීම වචනවලට පෙරලන්න නම් අමාරුයි.ඒ තරමට සිංදුව හිත පතුලටම කාවදිනව .

    ReplyDelete