Monday, May 25, 2020

'සිල්වත්' උපාසකය

දොහොත් මුදුන් ගෙන සුදු පිරුවට ඇඳ
සිල්වත පෙන්වයි මුහුණු  පොතේ
කන බොන විට දිත්  බත්පත අතගා
ධර්මය දිගහැර බෙදා දෙතේ
ඉඳ හිට ඔබ මොබ උකුසු ඇස් යවා
ඕපදුපයක් සොයා යැතේ
චීත්ත ඇඳගෙන සිල්වත්  උතුමෝ
කපුටෙකු  වැමරුව හැටි  කියතේ


9 comments:

  1. Shaaa wow friend!

    ReplyDelete
  2. හැම මගුලටම බණ කියන එවුන් පෙන්ඩ බෑ මට...
    අභිධර්ම ටෝක් එකෙන් ඉන්නේ..එවුනාට පට්ට කුහකයි...

    ReplyDelete
    Replies
    1. අපෝ ඔව් ලෝකෙට පේන්න හරි ධාර්මිකයි. ඒ වුනාට කරන්නෙම බාල වැඩ

      Delete
  3. අපිට මොකද අපි නම් ඔරිජිනල්ම දසසිල් උපාසක.. :)))

    ReplyDelete
  4. ඔතන ප්‍රශ්නේ තියන්නේ ධර්මය දේශනා කරන අයගෙම තමා.
    ලස්සනයි කවිය.

    ReplyDelete
    Replies
    1. ධර්මය ලෝකෙට පේන්න අහන අයත් ඉන්නවනෙ :D

      Delete