Thursday, March 17, 2016

මගේ ගිරවී කොහෙද කියන්

වෙනදට වඩා කලියෙන් ගොම්මන ඇවිත් අහස ආක්‍රමණය කරනවිට  කළුවරට අතරමං වුන විහඟුන් එකා දෙන්න කෑ ගසමින් මුළු පරිසරයම කළඹමින් ගම් මැද්දේ සිට වනය දෙසට පියඹන්නට විය. සුළං කපා ඇසිල්ලකින් කැලඹ වූ පරිසරය සංසුන් වීමටත් මත්තෙන් වෙනදා මෙන්ම  ඉංගිරීසි ඉසෙඩ් අකුර මෙන් පාර පුරා එහෙට මෙහෙට වැනි වැනි පැද්දි පැද්දි එන අරනේලිස්ගෙ තාල නැති ජෝතිපාලගෙ සිංදුවක් පරිසරයට මුසුවිය. තාලයක් නැති ගොරෝසු හඬ වඩ වඩාත් ත්‍රීව වෙමින් අඩුවෙමින් ක්‍රමයෙන් ඈතට විහිදී ගුරුපාර කෙලවරදී අඳුර විසින් ගිලගත්තේය. පරිසරය යලිත් සන්සුන්විය. එතනින් එහාට කලාතුරකින් හෝ ශබ්දයක් ඇසුනේ විටෙන් විට සරස් සරස් ගා වැලිපොලව තෙරපන සෙරෙප්පු සද්දයක් පමණි. නමුත් අද පරිසරය නොසන්සුන්. කඩමණ්ඩියට ගිය සොපිනා පය ඉක්මන් කරමින් ගුරුපාර දිගේ ගිය  ගමන ගෝනිගොඩ වලව්ව ගාවින් මදක් පසුබසින්නේ නොනවත්වාම ඇහෙන කිරිකැටියෙක්ගේ ශබ්දයකින්. ඈ වලව්වෙ ගේට්ටුවට බරදී ඇඟිලි තුඩු වලින් ඉස්සි ඉස්සී ඒ ආගන්තුක ශබ්දයට මොහොතක් ඇහුම්කන් දුන්නාය. යලිත් ගැස්සී යන්නට සැරසුනේ වලව්වේ දොරකඩ බේබි මහත්තයාගේ ඇස ගැටුන විටයි. ඇය යලිත් පසුපස හැරී වලව්ව දෙස බලමින් පය ඉක්මන් කාලය. 

බේබි මහත්තය දවල්ට කාලත් නැහැ දැන් බත් එකත් සීතල වෙලා. මම අහක් කළා. උදේ ඉඳන් කෑවෙ නැහැනෙ ඉදින් මේ කහට එක වත් බිවනම්.

එපා  මට මොකුත් එපා සිරියාවතී ඕක ගෙනියන්න.

 මම සුප් ඩින්ගිත්තක් වත් හදන් ...

මම දැන් සැරයක් කීවනෙ මට මොකුත් එපා උඹල ඔය තියන දෙයක් කාල නිදාගනින්.

සේනක බොහොවෙලාවක සිට තවමත් ඇඳි පුටුවේ දිගාවී හිස් බැල්මෙන් පාර දිහා බලාගෙන සිටී. කන්කරච්චලයක් මෙන් නොනවත්වාම ඇසෙන කිරිකැටියාගේ ශබ්දය කෙමෙන් වියැකී යයි.තාලෙට හෙමින් නැළවිලි ගීයක් මුමුණන සිරියාවතී ගේ කටහඬ වලව්වෙ ඇතුලින් ලාවට ඇසේ.

නුඹේ අම්මා කිරට ගියා 
කිරි එරවා එන්ට ගියා 
කිරි මුට්ටිය ගඟේ ගියා 
ගඟට උඩින් කොක්කු ගියා 

නැලවිලි ගීයත් එක්කම පපුව ඇවිලී ගෙන යන හිතේ දුක දරාගන්න නොහැකිව සේනක පුටුවෙන් නැගිට්ටේය. වත්ත මැද  තියන විසල් අඹ ගහේ අතු හුළඟත් එක්ක හෙමිහිට සෙලෙවෙන්න පටන් ගත්තේ සේනකට අතවනන්න මෙනි. සේනක ඉබේටම වගේ අඹ ගහ යට බංකුව වෙත ඇදුනේය. එය  දෙදෙනෙකුට රිසිසේ වාඩිවිය හැකි බංකුවකි. සැබවින්ම  සෑම දිනම බංකුවේ වම්පස සිටියේ එකම එක පුද්ගලයෙකි. සිනහවෙන් කෙළිකවට කමින් උතුරායන ආදරයකින් සෑම දිනම ඒ පරිසරය ආලෝකමත් වූයේ ඇය නිසයි. එහෙත් අද ඔහු පමණි.

ඇඹුල්අඹ ගෙඩියක් හපමින්  මූණ ඇඹුල් කරන නාලිකා ගේ මූණ සේනකට යලිත් මැවී පෙනුනි.

මේවා කන්න බැහැ හරි ඇඹුල්. මේවා නෙමේ සේනෙ ඔයා කෑවෙ නැද්ද  අර  ධර්මෙ ගෙනාපු කර්තකොලොම්බන් අන්න ඒව  නම් හරි රහයි. මට කිව මං වෙනුවෙන්ම  මල්ලක්ම කඩන්  ආව කියල.

ඔයාගේ අනෙක් යාළුවො වගේ නෙවෙයි නේද  එයා හරි හොඳයි නේ.

ගහෙන් කඩා දුන් අඹ ගෙඩිය බාගෙට කා පැත්තකට විසිකර සේනකගේ අතේ එල්ලුන නාලිකා දිහා සේන කෙලින් බැලුවේය.

හ්ම්ම් එත් ඌ ලඟදි අපේ ඔෆිස් එකට ආවෙ ඔය පොඩි හිතවත් කමට ගෙන්නුවට මම ඌ ගැන වැඩිය දන්නේ නැහැ.

නෑ හරි හොඳ මනුස්සක් වගේ. මම කර්තකොලොම්බන් වලට ආසයි කිවම ආයෙත් මල්ලක් කඩන් එවන්නම් කිව.

හ්ම්ම් ...

විවාහ මංගලෝත්සවය වෙනුවෙන් මිතුරන් වෙනුවෙන් පැවතිච්ච සාදයට ධර්මරත්න ඇතුළු සමීපතම මිතුරන්  පිරිසකට ආරාධනා කල දිනය සේනකට යලිත් මැවී පෙනුනි ."ලස්සන නෝනාමහත්තෙක්නෙ සේනෙ ට ලැබිල තියෙන්නේ" යැයි නාලිකා දිහා බලාගෙන ඉඟිමැරුව සැටිත්  නාලිකාත් ලැජ්ජාවෙන් මූණ රතුකරගත් හැටිත් සේනකට යලි යලිත් සිහිපත්විය. එතැන් පටන් ටිකෙන් ටික ධර්මරත්න තමාට මෙතරම් සමීප වුයේ කෙසේදැයි ඔහුට ද සිතාගත නොහැක. නිවාඩු ලැබෙන බොහෝ දිනවල ධර්මරත්න තමාගේ නිවසට පැමිණ දින දෙක තුන ගත කලේ  පවුලේම ඥාතියෙකු සේය. ඇතැම් දිනවල කුමක් හෝ මාතෘකාවක් පටන් ගනිමින් ධර්මරත්න සේනක හා පැය  ගණන් කතාවට හවුල් විය. එයට නාලිකාද සහභාගි වූ විට සිනහවෙන් පිරි රස සාගරයක්  විය. එහෙත් මැදියම වෙත්ම විඩාවත් එක්ක තමා නිදාගන්න හැදුවත් නාලිකා තවදුරටත් ධර්මරත්න හා කතාව දුරට ගෙනයාමට ප්‍රිය කලාය. එවන් වූ එක් දිනයක පසුදා පාන්දරම නාලිකා කිරි කෝප්පයක් අතැතිව තමා ඇහැරවන්නේ,

 සේන ඊයේ නිදිනෙ මම පිඟන් හෝදලා ගේ අස්කරනකන්ම ධර්මෙ මා එක්ක කයිය ගැහුව. ධර්මෙ නම් කතා කියන්න රුසිය. ගමේ සිද්ධි ඉස්සර වෙච්ච සිද්ධි ඔක්කොම කිය කිය පැය ගානක්ම මාව කතාවට අල්ලගත්තනේ.

නාලිකා හැමවෙලේම කියන්නේ ධර්මෙ ගැනමයි. ඔය විදිහට ගියොත් මාවත් අමතක වෙයි.

අනේ අනේ මහත්තෙක් කියන කතා. මම මේ මහත්තයව දාල යනවැයි.

ඒක නෙවෙයි නාලිකා ධර්මේ ඔහොම හැමදාමත් තනිකඩව ඉන්නද  අපි හොඳ ගෑනු ළමයෙක් හොයල දෙමුද මේ ගමෙන්ම. මිනිහ හැමවෙලේම කියන්නේ මේ ගමට ආසයි කියලනේ ඒ නිසා මෙහෙන්ම හොඳ ගෑනු ළමයෙක් හොයමු.

හා හා ඔයාම අහන්නකො මම නම් කීප විටක්ම ඔය ගැන ඇහුව. 

අහ්හ් ඉතින් මොකෝ මිනිහ කීවෙ.

හිත ගිය කෙනෙක් ඉන්නවලු කියාගන්න බැරිවලු ඉන්නෙ. කොච්චර ඇහුවත් වැඩි විස්තරයක් කියන්නේ නෑනෙ මූණ  දිහා බලන් ඉන්නව මිසක්.

එතනින් පසු කිහිප අවස්ථාවකදීම ධර්මරත්නගෙන් විවාහය ගැන  ඇසුවද ඔහු පිළිතුරක් නොදී මග ඇරිය අතර විටෙක ඔහු කිවේ ඇය අන්සතුවී ඇති බවයි. එතනින් පසු සේනක යලිත් ඒ පිළිබඳව විමසුවේ නැත. නාලිකා ගැනවත් ධර්මරත්න ගැනවත් සේනකට කිසිදු සැකයක් ඇති නොවුනේ බිඳකුදු අඩුනොවූ නාලිකාගේ ආදරය නිසාය. තවද පවුලෙම කෙනෙකු සේ පාඩුවෙ ගෙවූ ධර්මරත්නගේ නිදහස් ජීවිතය ඔවුන්ට බාධාවක් නොවිය. නිවසට පැමිණෙන විටෙක නොවරදවාම එළවලු මල්ලක් ගෙන ඒම , ඉඩක් ඇති විටෙක වත්ත සුද්ද කිරීම, නිවසට අවශ්‍ය කිසිවක් ගෙන ඒම , මේ සියල්ල ඔහු නොපැකිලව කලේ කිසිත් නොඉල්ලාමය. නිවාඩුවට ගෙදරයාමත් ඔහු කලේ ඉඳහිටය. දැන් මෙහෙ මගේ ගේ වගේ තමයි. නාලිකා උයන්නෙත් අපේ අම්ම උයන රහටමනෙ. ඔහු සැමවිටම කිවේය. සැබවින්ම ඔහු කාගේ කවුරුන්දැයි සේනක නොදත්තේය. එවැන්නක් ඇසුවත් ධර්මරත්න හරිහැටි පිළිතුරක් නොදෙන බව සේනක දැනන්  සිටියේය.

 සියල්ල සැනෙකින් කණපිට හැරවුනේ නාලිකා හා ඔහුගේ පලවෙනි විවාහ සංවත්සරය සමරන දිනයෙහිය. ඒ වන විට නාලිකා තෙමසක ගැබිනියක්ව සිටියාය ගියවර මෙන්ම මෙවරද කාර්යාලයේ යහළුවන් හා රාත්‍රී බෝජන සංග්‍රහයක් තිබුනද යහළුවන් ගිය පසුද තවදුරටත් මදුවිතෙන් සප්පායම් වීමට ධර්මරත්නට ඕනෑ කර තිබුණි. එදින පමණටත් වඩා ධර්මරත්න වෙරි වී සිටියේය.

මචං සේනක උඹ හරි වාසනාවන්තයි. නාලිකා ...හොඳ එකී. ඒකිව බලාගනින් හොඳට....... හරිද. උඹට මේවා කියලත් බෑ නොකියත් බෑ. නාලිකා දැක්කම ආදරේ හිතෙනවා. මට ඉරිසියයි බං උඹ ගැන. ඒත් දාල යන්න හිතෙන්නෙම නෑ. මම කැමතියි ඒකිට ඒකි කැමති උඹට ...මක්ක කොරන්නද .. ඒත් ඔන්න උඹ නාලිකාව අතැරියොත් මම තමයි ඒකිව බඳින්නේ  හරිද .. මම .. මේ මම... තම පපුවට තට්ටු කරමින් ධර්මරත්න  වෙරිමතින් කල මේ  ප්‍රකාශයෙන් සේනක සැනෙකින් වියරු වැටුනේය.

තෝ පාහර ....   සේනක සැනෙකින් ඔහුගේ කමිසයෙන් අල්ලා ඉස්සුවේය.ඔහු වෙරිමතින් දෙඅත් එක්කර වඳිමින් දෙපසට වැනි වැනි සිටියේය. ධර්මරත්නගේ ගෙල සිරකරන්න තරම්  ආවේගයක් හිතට ආවත් වෙරිමතින් සිටි ඔහුට කිසිවත් කර පලක් නැති හෙයින් ඔහුව පසෙකට තල්ලුකර දමා නිවසට ගොස් වියරුවෙන් මෙන් දොරවසා දැම්මේය.ඒ වන විටත් නාලිකා නින්දට ගොස් සිටියාය. එදින රෑ දෙගොඩ යාමේ ධර්මරත්න වෙරිමතින්  දොරට තට්ටු කලත් සේනක දොර ඇරියේ නැත.

පසුදින  උදයේම ධර්මරත්නගේ දොර ළඟ වැටි නිදා සිටියදීම ඇඳුම් සියල්ලම එලියට විසිකරේ හිතේ තිබු ආවේගය තවදුරටත් රඳවා නොහැකි තරමට ඉලිප්පී පුපුරා ගිය හෙයිනි. සේනක තියුණු වචන වලින් බැන වැදුනද ධර්මරත්න කිසිත් නොකිය විරිසි තිබු ඇඳුම් එකතු කර ඇඳුම් බෑගයට දමා නාලිකා දෙස මොහොතක් බලා යන්නට ගියේය. හදිසියේ  සිදුවූ මෙම  සිදුවීමෙන්  කිසිත් සිතාගත නොහැකිව නාලිකා බියෙන් තැතිගෙන සිටියාය. ධර්මරත්න තමාට ඇලුම් කරන බව ඈ දැන  සිටියත් එය ආදරයක් තරම් දුරදිග ගිය එකක්යැයි ඇය කිසිත් සැක නොකලාය.

සතියක් ඇතුලත ධර්මරත්න කාර්යාලයෙන් අස්වී ගියේය. එහෙත් සේනකගේ චර්යාව ටිකෙන් ටික වෙනස් වන්නට විය. ඔහු විටෙන් විට නාලිකාවද සැක කරන්නට විය. ඔහු තුල තිබූ අනිසි සැකය එන්න එන්නම වැඩිවන්නට විය. කාර්යාලයේ ඇතැම් දිනවල කෙටි නිවාඩු දමා නිවසට පැමිණියේ ඔහු නැතිවිට ධර්මරත්න නිවසට පැමිණෙන්නේ යයි තිබු අනිසි සැකය නිසාය. ඔහු නාලිකා සමගද හේතුවක් නොමැතිව අඩ දබර කරන්නට විය. කාර්යාලයෙන් වැටෙන දුර ගමන් වලට ඇයට නොකියාම ගොස් දවස් ගණන් ගතකලේ ගැබිනියක්ව සිටින ඇය ගැන කිසිත් නොතකාමය. විටෙක තමා ගැනම  කලකිරීමක් ඇතිවි ඇය සමඟ  හොඳින් සිටීමට තැත් කලත් ජලය තුලින් යලි යලිත් ඉහලට ඉලිප්පෙන පන්දුවක් මෙන් සැකය නැමැති පන්දුව සිත තුලින් යලි යලිත් ඉහලට පැන දෝලනය වූ විට සියල්ල යලි පෙර පරිදිම නොසන්සුන් විය.

ඒ  මාර්තු  මාසයේ  අවසන් දින කිහිපයයි. නාලිකා දරුවා ප්‍රසුත කිරීමට තිබුනේ දින කිහිපයක් පමණි. ඒ සතියෙම හදිසියේ වැටුණු රාජකාරියක් හේතුවෙන් සේනකට ත්‍රිකුණාමලයට යන්නට සිදුවිය. ජංගම දුරකතනයක් වත් නොවූ සේනක  නවතින තැන දුරකතනය හෝ ඇයට දී නොතිබිණ. ඔහු පවසා සිටියේ ඔහු ඉක්මනින් පැමිණෙන බවක් පමණි. එහෙත් ඇයට හදිසියේ අසාධ්‍ය විය. සේනක පැමිණෙන විටත් සියල්ල සිදුවී හමාරය. ඇය රෝහලට ඇතුලත් වී තිබෙන විටත් පමාවී තිබුනේය. ඔහු එන විටත් දරුවා මෙලොව තනිකර නාලිකා අවසන් ගමන් ගොස් සිටියාය. 

අවසන් මොහොතේ අවසිහියෙන් මෙන් නාලිකාව බැලීමට ඉස්පිරිතාලයට යන සේනකට ධර්මරත්නව ඇස ගැටුණි. අරූ මොකද මෙහෙ කරන්නේ දුකත්  පරයා  හදිසියේ හටගත් කෝපයෙන් ඔහු සිරියාවතීගෙන් ඇසුවේය.

අනේ රත්තරං  මහත්තයෝ දැන්වත් ඔය සැක කිරිල්ල නවත්තන්න. මගෙ මේ ඇස්  දෙක කන් දෙක පල්ල නාලිකා නෝනා වචනයකින් වත් වැරද්දක් කරපු කෙනෙක් නෙවේ. නොනැමහත්තයට අමාරු උන වෙලාවෙ මහත්තයට පණිවිඩයක් දිගන්න බැරිව මම කොච්චර අසරණ උනාද  අන්තිමට ධර්මරත්න මහත්තයාගේ නොම්මරේ තිබිල මමයි කෝල් කලේ. ධර්මරත්න  මහත්තය ඔය මහත්තය ඉන්න තැන  විස්තර බලල මහත්තයට පණිවිඩයක් දෙන්න සැලස්සුවේ නැතිනම් අදටත් මහත්තය දන්නේ නැහැ. නෝනා මහත්තය ගෙනියන්න ඉක්මනින් වාහනයක් හොයල ගෙනාවෙත් ධර්මරත්න මහත්තයා. ඒ  දේවල් කලේ නැත්නම් අද මේ කිරිසප්පයවත් මේ ලෝකේ නැහැ.

සිරියවතිගේ වචන සේනකගේ හිතට කිනිස්සෙන් ඇනු  තියුණු  පහරක් මෙන් කාවැදුනි.

හදිසියේ අඹ ගසට වැසූ මා වවුලකුගේ ශබ්දයෙන් සේනක යලිත් ගැස්සී ගියේය. සියල්ල සිදුවී හමාරය. තමාට අපමණ ආදරය කල ජිවිතයක් අද අහිමි වී ඇත.ඉතිරිකර ගිය මතකයන් දෝතට දරාගැනීමට තමාට ශක්තියක් නැත.අපමණ දුකක්  විඳ දරා ගනිමින් රැකගත්  දරුවා තමාගේ දෝතින් ඔසවා ගැනීමට වත් මේ සිත , මේ ගත සුදුසු නැති බව සේනකට දැනේ. සියල්ල අවසානයේ දරාගත නොහී හිස්බවක් මුසුවූ වරද කාරී හැඟීමකින්  තමාගේ ගෙල සිරකරන්නක් වැනිවිය. හඬා පලක්ද නැත ඈ කොහේ හිටියත් තමාට සමාව දෙනු බව දනී එහෙත් තවදුරටත් මෙහි සිටිය නොහැක ඈ සොයා යා යුතුය. සිදුවූ වැරැද්දට දහස් වාරයක් සමාව ගත යුතුය. එහෙත් ඈ කොහි ඇත්ද ?

සේනක බංකුවෙන් නැගිට්ටේය.වලව්වේ ගේට්ටුව ඇර ගුරුපාර දිගේ ඈතටම ගොස් නොපෙනී ගියේය 





ප.ලි. කතාව ලියන්න හිතුනෙ මේ සිංදුව ඇහුවම . ඒත් ලියන්න හිතුවේ එක දෙයක් ලියවුනේ තව දෙයක්.මේ කම්මැලි හංසය ලියන්නැති උනාම  සමහර අය්යල ඉන්න දෙන්නෑනේ ඉතිං  අමාරුවෙන්  ලිහ ලිහ අන්තිමට ගෙතුව අනේමන්ද ලියද්දි  ගත්ත වෙලාව ගොඩක් වැඩී.කතාව අවුල්ම නම් අඩුපාඩුම කියල යනවනම් යහපති  අමනාපයන් නැහැ නොවැ  මොනවා කීවත්  :)

සිංදුව :ඉර වට යන ගිරවියනේ -නදීක ගුරුගේ 

සිංදුව ට යන පාර

47 comments:

  1. බොගෙ ලිංකුව වැඩ නෑ බොලං මෙන්න මේක දාගන්ට
    https://www.youtube.com/watch?v=jmOh1I50k8A

    කියල තියෙන විදියට නං සිංදුවෙ මුල් අයිතිකාරයා අයිවෝ ඩෙනිස් මහත්මයා... ඒත් නදීකගෙ වොයිස් එක පට්ටයි කියහංකො...

    සේනකයට පිස්සු බං... ධර්මයත් මෝඩයෙක්.. ඌ නාලිකාට පේම කරනව නං කරන්න තිබ්බෙ නාලිකා ගෙන් ඈත් වෙලා ඈට ඇගෙ පාඩුවෙ තමන්නෙ ජීවිතේ ගෙනියන්න දෙන එක. නැද්ද හා....
    හංසෙගෙ කතාවල් ලොවෙත් පට්ටයි නෙ ඉතිං.. ආයෙ මොනව කියන්නද... සොමිය කොල්ල ඇවිත් අර මාගල් විචාරෙ දානකං මං මේ බලං ඉන්නෙ
    ඔව් ඉදගෙන
    ලස්සනයි හංසෙ.. ජයවේවා

    ReplyDelete
    Replies
    1. අඩෝ ලොම් නැති හාව, කොහෙද බෝල මාගල් විචාරේ. :p

      Delete
    2. මහේෂ් අය්යේ ලින්කුව හැදුව :) සේනකයි ධර්මෙයි දෙන්නටම පිස්සු තමා ඒත් මම ලියද්දි හිතුව මේ වගේ මිනිස්සුත් මේ ලෝකෙ ඉන්න පුළුවන් කියල. කතාව ලියද්දි සම්පූර්ණයෙන්ම වෙනස් උනා අන්තිමට උස්සල අනෙක් පැත්ත ගැහුව. මම පටන් ගත්ත කතාවෙන් නෙවේ අවසන් උනේ. සතිය ඉවරවෙන්න තව තියෙන්නෙ දවස් දෙකයි කියල එදා මහේෂ් අය්ය කිවේ නැත්නම් මම කතාවක් ලියන්න තවත් පරක්කු කරනවා දන්නවනේ ඉතින් මගේ හැටි හික්ස්. ඒ නිසා කතාව ලියන්න උනන්දු කරාට ස්තූතියි අය්යේ.තව ස්තුති කරන්න එක්කෙනෙක් ඔය උඩ කමෙන්ටුවක් දාල තියෙන්නෙ මේ සින්දුව මට එව්වෙ තරිඳු අය්ය. :)

      මෙන්න මහේෂ් අය්යේ ඔයාට තව නමක් දාල... ඔන්න මම නම් දන්නෙ නැහැ :P

      Delete
  2. හංසි බොහොම දියුණු වෙලා , සේනකගේ මානසික වියවුල අකුරු කරලා තියෙන හැටි ඉතාම කදිමයි . කොහොම වුනත් නාලිකාව සුදු චරිතයක් කරන්න සෑහෙන උත්සාහයක් අරං තියෙනවා වගේම ඒක සාර්ථකයි කියලත් කියන්න ඕන . නියමයි . නෙලුම් යාය දවසට හම්බවුනාම ටොක්කක් අනින්නං හක් හක්

    ReplyDelete
    Replies
    1. මගේ ගාණෙ කනෙනුත් ඇදපන් ඉවාන්. මට එන්න වෙන එකක් නැහැ වගේ

      Delete
    2. ගොඩක් ස්තුතියි ඉවාන් අය්යේ. හැමදාමත් වගේ ඇවිල්ල එක වචනයක් හරි කියල යන එක ඇත්තටම වටිනව.තව මොකක් හරි ලියන්න උනන්දු කරනවා. හි හී උස ... හංසයෙක්ගෙ කන මිරිකන්න අදහසක් තියනවනම් උස .... උල් අඩි සපත්තු දෙකක් දාන් එන්ට වෙයි. :P ඉවාන් අය්ය ස්ටේජ් එකේ ඉන්නකොට "ඉවාන් අය්යේ ... " කියල මම කෑ ගහල අත වන්නම්කො :D

      @ඉයන් අනේ එදාට එන්නේ නැද්ද :( ඕකනේ බැරි මම බොහොම අමාරුවෙන් ගෙදරින් අවසර අරන් එන්න හදද්දි මේ අය එන්නෑ ලු ...ඔට්ටු නැහැ :(

      Delete
  3. එක දිගටම කියවගෙන ගියා හංසියො... ලස්සනට ගොතල තියනව කතාව නම්.. කාලෙකින් ආවෙ.... ඔන්න කම්මැලිකම කියල නම් කියන්න එපා හොඳේ...

    ReplyDelete
    Replies
    1. හී ස්තූතියි තනුජා ^_^ .. චුට්ටක් (නෑ හෙන ගොඩක් ) කම්මැලි ලු ඉතින් ඒත් හෙමිහිට හෙමිහිට කතාවක් දෙකක් දාන්නම්කො :)

      Delete
  4. ලස්සන කතාවක් හංසි. මීට ගොඩක් සමාන ඇත්ත කතාවක් මගේ අත්දැකීමක් වුණා. හොඳ වෙලාවට කවුරුවත් මිය ගියෙවත් කවුරුවත් තරහ වුනෙවත් නැහැ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් හිතෙන් මවාගත්ත කතාවක් උනත් හැබෑ ජීවිතෙත් මේ වගේ චරිත ජීවත් වෙනව. අන්තිමට කාටවත් නරකක් උනේ නැතිනම් ඒ ඇති. පොඩි දුකක් ඇති ඒකත් කාලයත් එක්ක යටගියාවෙ. ඉයන්ටත් ස්තූතියි හැමදාම වගේ අදහස් දක්වනවට :) ඒක නෙවේ ඇයි මේ 26 එන්නේ නැහැ කියන්නේ ? :/

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. හංසි මට ඊමේල් එකක් එවන්න

      Delete
    4. ඔන්න හංස සන්දේශයක් එව්ව :)

      Delete
    5. කළු කපුටෙක් තමයි සංදේශය අරන් ආවේ. හැක්

      Delete
    6. ඔය ඉරිසියාකාර කතා .. හංසයො සුදුයි :P :D

      Delete
  5. කතාව හොදයි. තව ටිකක් හදාගන්න.විශේෂයෙන් අකුරු හා මග හැරුණු වචන නිසා කතාව එක පාරටම බ්ලොග් වෙන තැන් තියෙනවා..

    වියරුවැටුනේය
    ගෙන ඒම මේ සියල්ල ඔහු නොපැකිලව කලේ
    කිරි කෝප්පයක් පැමිණ

    විරාම ලකුණු භාවිතය නං අන්තිමයි.. හැක්..

    ReplyDelete
    Replies
    1. @ දේශක යා ගොඩක් ස්තූතියි. අඩුපාඩු පෙන්නනවට ඉහලින්ම මනාපයි. කතාව ලියල ඉවර වෙද්දි පාන්දර 2 පහුවෙලා එකපාරක් කියවල දැම්ම ඒත් තාමත් අඩුපාඩු තියනවා. ආයෙත් තව දැක්ක අඩුපාඩු හැදුව. දේශ කිව්ව වගේ නැවතීම් , මගඅරුණු අකුරු , විරාම ලකුණු ප්‍රශ්න ගොඩක් තියනවා මගේ නොසැලකිල්ල තම ඉතින් :) ඊළඟ කතාවෙදි මීට වඩා සැලකිලිමත් වෙන්නම් ... ස්තුතියි :)

      Delete
    2. ඉගෙන ගන්න ළමයි එහෙමයි.. මාත් තාම අත දරුවෙක් වගේ හැම කෙනාගෙන්ම මක්කා හරි ඉගෙන ගන්නවා.. ජය

      Delete
  6. ලස්සනට ලියලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලලිත් කතාව රසවත් උනානම් මට සතුටක් :)

      Delete
  7. ළස්සණට ලියල තියනවා.

    ReplyDelete
    Replies
    1. හසිත.. අලුත් යාලුවෙක් :) සාදරයෙන් පිලිගන්නවා. ස්තුතියි අදහස් දැක්වීම්වලට :)

      Delete
  8. ඔය සින්දුව හංසිට දුන්නේ කවුද දන්නේ නෑලු ඉතින්, ඒ මදිවට නැළවිලි ගීයකුත් ඔබලා. :D

    කොහෙද හංසියේ කතාවත් එක්ක ඉවසිල්ල ගියේ, කතාව හොඳයි, එත් මේ කතා ඔක්කොම පොදු අච්චුවක් වෙලාදෝ කියල හිතෙනෝ, එත් එක බොහොම දක්ෂ විදියට හංගල තියෙනෝ හංසි කතාවේ නමත් එක්ක, මුල ඉඳන්ම කතාවේ ධර්මේත් එක්ක නාමලී පැනල යයි කියන තරමටම කියවන කෙනාගේ හිත වටේ යවලා අවසානය නාමලී සුදු චරිතයක් කරලා. ඒ අවසානෙට මම ගොඩක් ආසයි එක හරියටම සියදෝරිස් බයිසිකලය හැප්පිලා කුඩු වෙලා ඇලට වැටුණු දා හවස ගෙදරින් බැහැල යන්ට ගිය අවසානේ වගේමයි, කතාව හංසි පොයින්ට් එකෙන් පොයින්ට් එකට ගලපලා එක කතාව ගොඩ නගන්න හොඳ අත්වැලක් වෙලා තියෙනෝ. පසුතැවිල්ලෙන් ඉන්න සේනක යන්නේ අඹ ගහ යට බංකුවට, එතනින් අම්ග ගහ යට මතකයන් ගොඩකට පාර හැදෙනෝ, ඒ අස්සේ අම්බත් එක්ක නාමලීත් ධර්මේත් කතාවට අවතීර්ණ වෙනවා, එතනින් එහාට හංසි දෙන හින්ට් ඔක්කොම යන්නේ නාමලීගේත් ධර්මෙගේත් ගිණුමට, කතාවේ මුල ඉඳන් සුදු චරිතයක් වුනු සේනක අන්තිමේ කළු වෙලා තනි වෙනවා.

    මධ්‍යම පාන්තික රාජ්‍ය සේවයේ නියුතු වලව් පසුබිමකින් පැවතෙන පවුලක අවසානය හරි අපුරුවට හංසි ගොතල තියෙනෝ, යහළුවන් සැකය ආදරය යන කරුණු ඒ කතාව ඔස්සේ අපුරුවට දිග හැරලා, දරුවා නැළවිලි ගීය අඹ ගහ යට අතීතය ධර්මේගේ යලි ආගමනය හරහා සෙනකෙගේ සිතුවිලි වල විපිළිසර වීම අපුරුවට පෙන්නලා.

    එත් හංසි කපටි වැඩක් කරලා තීනෝ කියල හිතෙනෝ, එහෙම කියන්නේ මේ කතා එක අචුවක කතා නිසයි, මීට වඩා නව්‍ය නිර්මාණයක් හංසිට සින්දුවත් එක්ක ගොඩ නගන්න තිබුනා, මොකද මම එහෙම කියන්නේ සින්දුවේ පද මාලාවත් එක්ක එකේ හන්ගීම් ප්‍රකාශනය කොයි තරම් ප්‍රබලව එනවද, ඒ හැංගීම හංසි හරියටම ගත්තනම් මීට වඩා අපුරු කතාවක් ලියන්ට තිබ්බ, හංසිට කලබලෙනේ.

    ඉර වට යන ගිරවියනේ... මගේ ගිරවිය කොයිද අනේ....
    වනන්තරේ තුරු වදුලේ... කූඩු වෙලා උන්නු අපී
    නිරන්තරේ ආල මතින් ... ළෙංගතු වී උන්නු අපී
    මගෙ ගිරවි‍ය කොයිද කියන්
    සඳ වට යන සාවුනේ...

    කයිතාලම් හීන් හඬින් ... කවි සීපද සින්දු කියා
    ඈ රහසේ පඳුරු උඩින් මට නොකියා යන්න ගියා
    මගෙ ගිරවිය කොයිද කියන්
    වනයට හිමි දේවනේ...

    හිත පපුවට ගිනි ඇවිලී මට තනිකම් දැණුනාවේ
    සතර වරම් දෙවි සරණින් ඈ නිදුකින් උන්නාවේ
    ම‍ගෙ ගිරවිය කොයිද කියන්
    සත්පත්තිනි සාමිනේ...

    පුංචි කැදැල්ලක උතුරා යන ආලයට කණකොකා හඳපු හැටි සින්දුවේ හරි අපුරුවට කියනෝ, එක රාත්‍රියක් අවසානයේ සියල්ල කණපිට හැරෙනවා, එත් අවසාන පද ටික මගේ හිත ගන්නවා.

    හිත පපුවට ගිනි ඇවිලී මට තනිකම් දැණුනාවේ
    සතර වරම් දෙවි සරණින් ඈ නිදුකින් උන්නාවේ

    මේ ගැන කියන්න වචන නැහැ, හන්සිගේ අවසානේ මී අවසානෙන් වෙනස්මත් නැහැ , සින්දුවට ගලපෙන්නම කතාව ලියන්ට ඕන කියල මම කියන නැහැ, එත් මන් අර එකම චුවේ කතාව කියල කියන්නේ එක කිරිල්ලියක් මට කියවන්ට දුන්න ජයතිලක කම්මලවීරගේ තාත්තාගේ මළගම කෙටිකතා සංග්‍රහයේ අමරබන්දු කියන කෙටි කතාව මේ කතාව කියවනවාත් එක්ක සිද්දියෙන් සිද්දියට මතක් උන එකයි. ඒ ආබාශය මේ කතාවට ඇවිලා වගේ. ජයවේවා හංසි.

    ReplyDelete
    Replies
    1. කවුද ඉතින් මේ අය්ය තමා සින්දුව දුන්නෙ :P සොමි අය්ය මුල ඉඳල අගට කියල තියන හැම දේකටම එකඟයි. ඇත්ත අය්යෙ කෙලින්ම කිව්වොත් සිංදුවෙන් පට්ට කතාවක් ගොඩනගන්න තිබ්බ මම පටන්ගත්තෙත් හා ලියන්නම් කියල ඒත් ලියාගෙන ලියාගෙන යද්දි එක එක දේවල් ඔලුවට ආපු නිසා අර කලිනුත් කිව වගේ කතාව සම්පූර්ණයෙන් වෙනස් උනා අන්තිමට වටේ ගිහින් ආයෙත් මුලට ගෙනාව ඒ ගෙනාවේ මුලින් කතාවට එක්කරපු චරිත ටිකෙන් ටික කතාවෙන් අහක් කරගෙන ආයෙම සේනකව තනිකරලා දැම්ම. කතාව මුල මැද අග ඇයි මෙහෙම කලේ කියල මගේ කතාවට මම ම විචාර දෙන එක හරි නැ සොමි අය්යට මම කිවනේ වෙච්ච දේ :) .. අහ්හ් කිව හරි කතාව මගදී මට ඔය අමරබන්දු චරිතේ මතක් උනා හැබැයි කොහෙද කොයි කතාවෙද මතක තිබ්බේ නැහැ ඒත් ඒ චරිතේ ඔලුවේ තිබ්බ. ධර්මේ ගොඩ නැගුනේ ඒ චරිතෙන්. මේ ටිකත් කියන්නම ඕන මහේෂ් අය්යටයි ඔය අය්යටයි ස්තුතියි කවි කතා ලියන්න මාව උනන්දු කරනවට නැත්නම් මම හෙන කම්මැලිය :D

      Delete
  9. නදීක ගුරුගේ....හැකියාව හා නිරහංකාරීත්වය එකට කැටිවුන අපූරු දක්ශයෙක්.....

    ඔය ඉන්නේ නියම හංසි....වර්ණනා කරන්න වචන නාස්තිකරන්න ඕනෙම නෑ.ඒතරම් අපූරුයි.මේ ලිවීමේ හැකියාව තව තවත් දියුණුවේවා....

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ටු වලට පිළිතුරු ලියද්දිත් යු බටෙන් සිංදු අහ අහ හිටියෙ නදීක ගුරුගේ ගෙ වෙනස්ම සින්දුවක් හම්බුනා නියමයි. මම බුකියෙ දාන්නම් ඒක :)
      ස්තූතියි කසුට්ටෝ තව හදාගන්න අඩුපාඩු ඒමටයි හෙමිහිට හෙමිහිට නැගිටින්නම්කො දවසක මට සෑහීමකට පත්වෙන්න පුළුවන් කතාවක් ලියනකන් මට කියවන්න ලියන්න වෙයි වගේ ... :)

      Delete
  10. මේ ව්‍යසනයට සම්පූර්ණ වැරැද්ද සේනකගේ.. සේනක ලෙඩා මරුන් පස්සේ බේත් පොවන්න හදන ජාතියේ මනුස්සයෙක්..පවුල් පන්සල් උනායින් පස්සේ තනිකඩ කාලේ කරා වගේ යාළුවො ඇසුරු කරන්න බැහැ කියන දේ ත්රුන් අරන් ස්වයං වාරණයක් ඇතුව මිතුරුකම් පැවත්වුවානම් මේ ව්‍යසනය නොවෙන්න ඉඩ තිබ්බ.. එත් අවසානයේ දිනන්නේ කර්මය හෙවත් කුසල් අකුසල් වලින් අපි නෙලාගත් දේවල් තමයි.. අකුසලය හෙඅත් අයහපත් කර්ම විපාක වලක්වන්න නම් කුසල් කල යුතුයි..

    ReplyDelete
    Replies
    1. කතාවෙන් මම කිව්වේ නැති ලොකු දෙයක් අම්බලංගොඩ කීවනෙ.කිව්ව දේවල් ඇත්ත නේන්නම් :)

      Delete
  11. කතාව ඇත්තටම හුඟක් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. සතුටුයි දිනේෂ් අය්යේ... කතාව රසවිඳින්න පුළුවන් විදිහට දැනුනනම් ඒක මට සතුටක් ^_^

      Delete
  12. මට සයිකො ද? හන්සිට සයිකො ද? කතාවනම් කියල වැඩක් නෑ. ආයේ නියමයි.

    නෙලුම් පිපෙන දවසට එනව ද?

    ReplyDelete
    Replies
    1. ආයෙ අහන්නත් දෙයක්ද මට තමා සයිකො හී ..... ස්තූතියි අහසෙන් එන්නෝ නෙලුම් පිපෙන දවසට එන්නමයි හදන්නෙ අපේ අම්ම වාරණ දැම්මේ නැත්නම් එනව.ආවොත් කසුන් එක්ක කතාකරන්නම්කො. :)

      Delete
  13. ලස්සන කථාව. සැකය මහා භයානක දෙයක්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි. :) ඇත්ත ....... ලෝකෙ නැති ප්‍රශ්න මවන්න සැකයට පුළුවන්.

      Delete
  14. සේනක 100% ක් වැරදියි කියන්නත් බැහැ. ඔහොම දෙයක් උනාම සැක කරන්න පෙළඹෙන එක සාමාන්‍ය පිරිමි ගතිය..
    බැන්දට පස්සේ හොඳම යාළුවො එක්ක උනත් වැඩි සම්බන්ධතා තියා ගත්තොත් ලංකාව වගේ සංස්කෘතියක් තියෙන රටක ජිවත් වෙන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් සේනකගේ හැසිරීම පුදුමයක් නෙවේ හැබැයි අනවශ්‍ය සැකය ප්‍රශ්න ගොඩක් ප්‍රශ්න ඇතිකරනවා ලෝකෙ නැති ප්‍රශ්න ඇති කරලා අවුල් ගොඩක් කරනව ....

      Delete
  15. සැකය තමා ප්‍රේමයේ ලොකුම හතුරා..

    ReplyDelete
    Replies
    1. හරියටම හරි වැසි .. ප්‍රේමය පෑල දොරෙන් දුවන්නෙත් සැකය නිසා :)

      Delete
  16. පුරුෂයා බලාත්මක වීම හා ස්ත්‍රිය දුබල කරවීම

    ReplyDelete
    Replies
    1. මං මේ මේකට ලියන්නේ මොනාද කියල හිත හිත ඉන්නෙ ..ඔව් නේ මෙහෙම හිතන්න පුළුවන් ... මේ ඊයෙ දැක්ක රසිකද මේ පින්තූරේ ඉන්නෙ ? වෙන්න බෑ :P ;)

      Delete
    2. ෆොටෝ එකට වැඩිය හැන්ඩිය නේද??...:D

      Delete
  17. ගිනි මද්දහනේ එක කියෝලා මොලේ මොකක්ද උනා අප්පා..follow කරගත්ත්ටා හිමිට ඇවිත් ඉතුරු ටිකත් කියවන්නම් කෝ..
    ඊයේ හිටිය වෙදා මම තමයි

    ReplyDelete
    Replies
    1. හපොයි මමත් මොළේ කොලොප්පන් වෙන කතා දානව නේ ;) මේ ඒ වෙදා ද හී මතකයි මතකයි අඳුනාගැනීම සතුටක් ..මමත් දැන්ම එන්නම්කෝ ඔය පැත්තෙ :)

      Delete
  18. :D හැමදාම අන්තිමට තියෙන ප.ලි කියවනකොට තේරෙන්නෙ මෙයා ලියන්න හිතාගෙන ඉදල තියෙන්නෙ එකක් අන්තිමට ලියල තියෙන්නෙ තව එකක්. කොහොමහරි කමක් නැ අන්තිමට ලස්සන කතාවක් ගෙතිල. තේරුමකුත් තියෙන (y)
    සින්දුව නම් ඇහුවෙ නැ තාම. වෙන වෙලාවක අහන්න ඔනෙ.
    Follow කරන සිද්දිය අහල තිබුනට අද දන්නෙ යලුවෙක් කිවහම. මොකද වෙන්නෙ කියල දන්නෙ නැ තාම. ඔන්න follow කරා ඇ.

    ReplyDelete
  19. :D හැමදාම අන්තිමට තියෙන ප.ලි කියවනකොට තේරෙන්නෙ මෙයා ලියන්න හිතාගෙන ඉදල තියෙන්නෙ එකක් අන්තිමට ලියල තියෙන්නෙ තව එකක්. කොහොමහරි කමක් නැ අන්තිමට ලස්සන කතාවක් ගෙතිල. තේරුමකුත් තියෙන (y)
    සින්දුව නම් ඇහුවෙ නැ තාම. වෙන වෙලාවක අහන්න ඔනෙ.
    Follow කරන සිද්දිය අහල තිබුනට අද දන්නෙ යලුවෙක් කිවහම. මොකද වෙන්නෙ කියල දන්නෙ නැ තාම. ඔන්න follow කරා ඇ.

    ReplyDelete
    Replies
    1. ඔයාට ෆලෝ කරාම වෙන්නෙ ෆලෝ අයගෙ අලුත් පොස්ටු ඔයාගෙ blog reading list එකේ වැටෙනව :)
      මම ලියන කතා ඔහොම තමා ලියාගෙන යද්දි අන්තිමට නවතින්නේ වෙන කොහෙවත් තැනකින් :P 

      Delete