Saturday, December 19, 2015

පෙප්සි කඩේ මී මැස්සා


මට නුඹ විතරක් උනාට 
නුඹට ඉන්නේ මං විතරද  .... ? 

පාට පාට සමනලුන්ට 
හිනා පපා හාද වෙන්ට 

පැණි කුරුල්ලො  වටකරගෙන 
සියුම්  හඬින් ගී ගයන්න 

ඒ ඔක්කොම යනෙන විටදි 
මා කොහිදැයි  මතක් වෙන්න 

චපල මලේ  චපල මලේ 
මටනම් බැහැ තවත් ඉන්ට 


මුහුදේ මාළු එකෙක් නොවේ 
තව ඉන්නව මං දන්නව

ඒත්  ඉතින් මල් හැමෝම 
චපල බවත් මට හැඟෙනවා 

තවත් මොකට ආලෙ වෙන්නෙ 
මගේ සිතම මට කියනව 

නුඹ නොමැතිව මට ඉන්නට 
හිතේ  හයිය  මට තියනව 


පාලු සිතට තනි රකින්න  
මද අඳුරත්  ළඟම එනව 

හිතේ තියන දුක නිවෙන්න 
පෙප්සි කඩේ ළඟ තියනව 

නුඹ මට දුන් පැණි වගේද 
පෙප්සි බොද්දි මට හිතෙනව 

බමන මතින් මත් වීලා 
පෙප්සි කඩේ මම නිදනවා 


නිමිත්ත  : පොත් සල්පිලේ  පැත්තක තිබ්බ පෙප්සි විකුණන කුටියක හිටිය මී මැස්සන් මතක් වී ලියන ලදී  :D 

දැන් ඉතින් මේ කවි නොවන කවි වගේ ඒවාට මේවත් කවිද කියල අහල බනින්න එපා මට කවි ලියන්න බැරිය ;)  කාලේකින්ම  මම මොකවත් ලිවේ නැහැ වැඩ වැඩි උනා හේතු කාරණා ආයෙම  කියන්න ඕන නැහැ ඉක්මනින් කතාවක් ලියන්න පොරොන්දු වෙන්නම්කො ඒ ඇතිනෙ  :) 



32 comments:

  1. හෙහ් හෙහ්, පැණි බොන්න මල් නැති හන්දා පෙප්සි බීලවත් වැඩේ ගොඩ දාගන්න හිතුවද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. දැන් කාලේ මී මැස්සො මල් නැහැ කියල අඬන්නේ නෑලු :D

      Delete
  2. \\බමන මතින් මත් වීලා
    පෙප්සි කඩේ මම නිදනවා//
    හෙහ්...

    \\දැන් ඉතින් මේ කවි නොවන කවි වගේ ඒවාට මේවත් කවිද කියල අහල බනින්න එපා මට කවි ලියන්න බැරිය ;)//
    ඔයා මගේ බ්ලොගට ආපු මුල්ම එකෙත් තිබුණේ එහෙම එකක් නේ???

    ඉතින් හායි...
    ගස් බඳින පැත්තේ එකේ මොන අංශයේද ඉන්නේ???
    කොහොමද ඉගෙනීමේ වැඩ???

    ReplyDelete
    Replies
    1. මේවා කවි නොවේ වෙන මොකක්ද එකක් මම මේ නමක් හොයනව .. මම ඉන්නෙ විද්‍යා අංශයෙ ඉගෙනිමේ වැඩ මතක් කරන්නෙපා හුස්ම හිරවෙන්න වැඩ තිබ්බ තව දවස් දෙකකින් ආයෙම විභාගෙත් තියනවා ඕන දෙයක් කියල මම මෙහෙ ආව

      Delete
  3. ලස්සනයි. ලොකු කතාවක් පොඩි පැදිපෙලකින්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන් ...අනේ මට මේ පින්තූරේ දැක්කම 'ඉයන් සීය' කියලයි කියන්න හිතෙන්නෙ :P

      Delete
    2. ඒකට කමක් නෑ හන්සියෝ, මොනව කරන්නද වයස යන එක වලක්වන්න බැහැනෙ. ඔය පින්තූරෙ වගේ හැරමිටියකින් නොගියට වයස වැඩියි තමයි. නෑදෑකමින් මට සීය කිවයුතු අය ඇත්තටම ඉන්නවා.

      Delete
    3. නැහැ නැහැ මම සීය කියන්නේ නැහැ පොඩි විහිළුවක් කලේ :)

      Delete
  4. මොකද අප්පේ මාස ගානක් පෙන්නවත් නැතිව හිටියේ...
    මී මැස්සන්ගේ වැඩ දැකලා ලොකු කතාවක් ලියලා වගේ...

    ReplyDelete
    Replies
    1. කැම්පස් එකේ 3rd year project එකට වැඩ කරපු නිසා ලියන්න කියවන්න කාලේ නැති උනා මනෝ. දැන් නම් ඒ වද ඉවරයි මේ දවස් වල විභාග ආයෙම දිගටම ලියන්න තමයි හිතේ තියෙන්නේ ..සමාවෙන්න ඒ පැත්තේ ආවේ නැතිවට.

      මි මැස්සොද දන්නවද දැන් කාලේ මී මැස්සෝ හරි කම්මැලියො මලින් මලට රුං ගාල යන්න කැමති නැහැ පෙප්සි හරි කොකා කෝල කඩේක ගෙවල් හදාගෙන ආතල් එකේ ඉන්නව :D

      Delete
  5. මමත් මේ පැත්තට මුල්ම වතාවට ගොඩ වුනේ...කවි පන්තිය ලස්සනයි.
    සුබ නත්තලක්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ් .. සාදරයෙන් පිළිගන්නව මෙහෙට :) ඔයාටත් පවුලේ හැමෝටමත් සුබ නත්තලක් :)

      Delete
  6. Replies
    1. පැණි වගේද පෙප්සි නේ ;)

      Delete
  7. ලස්සනයි... ;) මමත් මේ පැත්තට මුල්ම වතාවට ගොඩ වුනේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අන්ධකාර තාරකාව :) සාදරයෙන් පිලිගන්නවා මෙහෙට :)

      Delete
  8. ඉඳලා ඉඳලා ගති එකක් ලියලා තියෙන්නේ
    ජයවේවා හංසියෝ!

    ReplyDelete
    Replies
    1. මේක ගතිද එහෙනම් අවුලක් නැහැ :D ස්තූතියි වර්ණ ..ජයවේ ජයවේ :)

      Delete
  9. හංසි............. කවියා කියන්නේ... නිර්මාණකරුවා කියන්නේ මේ සංවේදීකම තියෙන කෙනා තමා.... කාෙහෝ හරි මුල්ලක වැටිලා හිටපු මී මැස්සෝ ඔබට නිර්මාණයක් විදිහට ලියන්න හේතු වෙලා.....

    ReplyDelete
    Replies
    1. හැමදාම කවි ලියන කුරුටුලගේ මේ අදහස් වටිනව ^_^ ස්තූතියි කුරුටු :)

      Delete
  10. එතකොට මු මී මැස්සද , මැස්සිද ??

    ReplyDelete
    Replies
    1. මූ මී මැස්සෙක් පෙප්සි බාර් වල රස්තියාදු ගහන අපේ කාලෙ මී මැස්සෙක් :D
      මැලේ මෙහෙට අලුතින් නේද එහෙනම් සාදරයෙන් පිළිගන්නව ..ගමුද පෙප්සි වීදුරුවක් :D :V

      Delete
  11. ලස්සන මී මැස්සෙක්.

    ReplyDelete
    Replies
    1. ගුගල් සහෝදරයා තමා මට ඔය මී මැස්සව අල්ලල දුන්නෙ මමත් බ්ලොගේ අලවගත්ත ;)

      Delete
    2. ඔයාට පිච්චුද?
      මම කිව්වේ කවියේ මී මැස්සා ගැන.
      Lalith.

      Delete
    3. මම හිතන්නෙ පොඩ්ඩක් විතර පිස්සු තමා ;)

      Delete
  12. බිගුවෙක්
    රොන් බිඳක්
    සොයා
    කඩ වීදියක

    මලක්
    මන බිඟුවෙක්
    සොයා
    නටුවගක

    කොතැනක
    වීද අඩුවක්
    මලකින්
    වීද වෙනසක්

    ReplyDelete
    Replies
    1. අය්යෙ මට මගේ කවිය දාල පස්සේ ලියන්න හිතුන මේ මාතෘකාවම අරන් තමන්ට හිතෙන දේ කවියට ලියන්න කියල බ්ලොග් යාලුවන්ට කියන්න.ඒත් හැමෝම කවි ලියයිද දන්නේ නෑ කියල හිතුන.ඔයාගෙ කවියට ස්තූතියි. ඒක කෙටි රහ කවියක් :)

      Delete
  13. අද තමයි මේ පැත්තේ ආවේ ඉස්සෙල්ලම.. සමහරවිට මී මස්සොත් මී පැණි සෑදීමේ පලදායීතාවය වැඩිකරගන්න වැඩිපුර සීනි තියන ජාති හොයනවා වෙන්නත් පුළුවනි. හැමදාමත් මල්පැණි බොන එකේ චේන්ජ් එකට ආව වෙන්නත් පුළුවනි.. ඉස්සරහට මී මැස්සන්ට බොන්න වෙන්නේ පැණි බීම තමයි කොහොමත්.. ඒ හින්ද දැම්ම ඉඳන් පුරුදු වෙනවා වෙන්නත් ඇති..

    ReplyDelete
    Replies
    1. අනාගතේ අපිටත් පෙප්සි රහට මී පැණි කන්න පුලුවන්නෙ :) අම්බලන්ගොඩව මෙහෙට සාදරයෙන් පිළිගන්නවා :)

      Delete