මම ආසයි නිහඬ බවට හැබැයි මේ නිහඬ බවට නෙමෙයි.නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න කලබල කාරී නැති නිහඬ බවට ආසයි.එත් කතා කරන්න කවුරුත් නැති පාළුව තනිකම දැනෙන මේ නිහඬ බවට මම බයයි.ඒ නිසා කතා කරන්න ..වචනයක් හරි ...කතා කරන්න ..
මේ නිහඬබව කොච්චර හිත රිදවනවද කියල ඔයා දන්නවද...මේ නිහඬ බව හිත කොච්චර පාරනවද කියල ඔයා දන්නවා නම් ඔයා මා එක්ක කතා කලාවි.ඒත් තාමත් ඇයි නිහඬ.මේ නිහඬ බව මාව තනිකරනවා .මට පාලුයි. ඒ පාලුව ඔයාටත් දැනෙනවද ...දැනෙනවානම් වචනයක්... අනේ එක වචනයක් කතා කරන්න.
ඔය ඇස් වලින් කතා කරන්න එපා ... ඒ ඇස් දිදුලන්නේ කඳුළුවලින් කියල මම දන්නවා .. කතා කරන්න මා එක්ක .. හිතේ තියන හැඟීම් හැම දෙයක්ම කියල දාන්න... එලියට විසිකරලා දාන්න..එක වතාවක් ...ඒත්.... ඒත් ඇයි තාමත් ඔය අහක බලාගෙන... ?
අල්පෙනෙත්තක් වැටෙන හඬටත් මං දැන් ආදරෙයි මොකද මට මේ නිහඬ බැවින් මිදෙන්න ඕන.මේ නිහඬබව මාව තනිකරනව.හැබැයි මම එක දෙයක් දන්නවා ..මේ නිහඬ බව කතා කරනවා තොර තෝංචියක් නැතිව කතා කරනවා ඒ කතාකරන්නේ ඔයා ගැන ..අපි ගැන ..අපි ගතකල ඒ ලස්සන අතීතය ගැන ....ඔයා ඔච්චරම මේ නිහඬ බවට ආදරේනම් ..කතා කරන්න ඉඩදෙන්න මේ නිහඬ බවට ..ඇහුම්කන් දෙන්න මේ නිහඬ බවට ....
Silences are sounds,
Sometime, come to listen..
They'll blossom by just touching you,
Sometime call them home.
They're restless to talk to you,
Let them speak..
https://www.youtube.com/watch?v=lUKUtJEy9yY
Movie: Khamoshiyan
Music: Jeet Gannguli
Lyrics: Rashmi Singh
Singer: Arijit Singh
Khamoshiyan.. teri meri khamoshiyaan

මේ නිහඬ බව බිඳින්න තව මොනව හරි කියන්න
ReplyDeleteඔය නෙත් අගින් සිනාසී මා දිහා දැන් බලන්න
මේ නිහඬ බව බිඳින්න තව මොනව හරි කියන්න
ඔය නෙත් අගින් සිනාසී මා දිහා දැන් බලන්න
ඔබ මගේමයි කියන්න මට අයිති නැත සිතන්න
ඔබ මගේමයි කියන්න මට අයිති නැත සිතන්න
ඔබ පතා තැවෙන්න මට සුසුම් නෑ හෙලන්න
දැන් ලඟයි හිරු නැගෙන්න තව වරක් මා සිඹින්න
දැන් ලඟයි හිරු නැගෙන්න තව වරක් මා සිඹින්න
මට ආදරේ ඇයි එක වරක්වත් කියන්න
අහල තියෙනවා නේද ?
අහල තියනව :) ලස්සන සින්දුවක් .මේ පොස්ටුවට මාතෘකාවක් හිතද්දී ඔය සින්දුව මතක් උනා :)
ReplyDeleteවචන දාහකින් කියනවට වඩා ඒක නිහඩබවින් කියනකොට අගය වැඩියි....
ReplyDeleteපට්ට.....
ඒත් ඒ නිහඬ බව දිගු වෙනකොට දරාගන්න අමාරුයි.එක වචනයක් වත් ඇහෙනවනම් කියල හිතෙනවා ...
Deleteබියුටිපුල් නේ
ReplyDeleteතැන්කූ තැන්කූ :)
DeleteThose who don't understand your silence, would never understand your words! මමත් මේ දවස්වල නිශ්ශබ්දව සෑහෙන්න දේවල් කියනව..
ReplyDeleteනිහඬව අපි කියන හැමදේම හැමෝම හරියට තේරුම් ගන්නේ නෑනේ .... එත් වචන දාහක් කියලත් වැඩක් නැතිවෙලාවක නිහඬ බව හොඳයි කියල හිතෙන වෙලාවකුත් තියනව...
Deleteඅත්දැකීමක්ද හංසි
ReplyDeleteනිහඬ බව බිඳෙගන ඒන අාදර වදනක් පිපාසිත සිතකට සිහිල් දියදහරාවක් වෙග්
නිහඬ බව අත්දැකීමක් ..හුදකලාවත් අත්දැකීමක් ...
Deleteනිහඩ බව නියමයි........... ලෝකයම කතා කරනවා... උන්ට ඔ්නේ දේවල් කියනවා.. ඒත් නිහඩ බව ඒහෙම නැහැ... ඒ නිසා මං අාසයි............
ReplyDeleteලෝකයා දහසක් දේවල් කියද්දී නිහඬ බව වෙනමම කතාවක් කියනවා
Deleteහංසි මොකද මේ ටිකේ නිහඬ?
ReplyDeleteමගෙ නිදහස හොරු අරන් ගිහින් තිබ්බ
Deleteකියන්න වචන නැ. මරු. දාහක් දෙනා කැ ගහල කියන සීයක් දේවල් වලට වඩා නිහඩ බැවින් කියන එක දෙයක් වැදගත් :)
ReplyDeleteඅර වෙනද වගේ දාන කවි කෑල්ලකුත් දන්මනම් තවත් පට්ට :D
ස්තූතියි...:) ... ආයෙත් ලියන්න ඕන කවි කතා හැමදෙයක්ම :D
Delete