2014 පරණ අවුරුද්දට හැමෝම ආයුබෝවන් කියල දැන් 2015 අලුත් අවුරුද්දත් සමරන්නත් පටන් අරන්. 31 වෙනිදා රෑ මන්සියට නින්ද ගිහිං හිටිය මට රෑ දොළහට විතර කන් අඩි පැලෙන්න ඇහුන රතිඤ්ඤ සද්දෙට නම් ඇස් පියාන ඉන්න බැරිඋනා.ඊට පස්සේ අලුත් අවුරුදු සුබ පැතුම් ගොඩයි.හිතට ආපු නැවුම් බවයි සතුටයි එක්ක හැමෝටම සුබ පැතුව.ඔයාල හැමෝටම සුබ පැතුම් තොගයක්ම එන්නැති නේද ? 31 රෑ පාටි දාපු සින්දු කියපු මල්වෙඩි පත්තු කරපු ඔය හැමෝම මේ ලිපිය කියවනවා ඇති කියල හිතෙනවා .අහ්හ් අමතක උනානෙ 31 රෑ ෆිල්ම් බලපු අයත් ඉන්නවා ඇතිනේ. :D ඒ කියන්නේ පරණ අවුරුද්ද ජයටම ඉවර කරලනෙ :D ...ඔන්න එහෙනම් මුලින්ම
ගිය පාරට වඩා මේ පාර මට අවුරුද්ද විශේෂයි හේතුව මේ අවුරුද්දෙ මම පොඩි වෙනසක් කලා.කලින් අවුරුදුවල හිතුවට හරියට පිළිවෙලක් සැලසුමක් නැතිව ක්‍රියාත්මක කරපු වැඩක් හරියටම කරන්න මට ඕන උනා.ඒක පොඩි විශ්ලේෂණයක්.පරණ අවුරුද්ද දිහා ආපහු හැරිලා බලන වැඩක්.අලුත් අවුරුද්ද සැලසුම් කරන වැඩක් .හැමෝටම තේරෙන්න කිව්වොත් new year resolution එකක් ... :)
වැඩේට පෑනක් කොලයක් නම් නෙවෙයි පාවිච්චි කලේ notepad එකක් හැමවෙලේම ලැපා එක්ක ඉන්න මට notepad එකක ලියන එක ලේසි කියල හිතුන.
මුලින්ම ලිව්වේ පහුගිය අවුරුද්ද මට හිතෙන විදිහ, මම ලබාගත්ත දේවල් ,ජයග්‍රහණය කරපු දේවල්, මට කරන්න බැරිඋන දේවල්.. මේ හැම දෙයක්ම ලිව්වා .ඒක හරියට SWOT Analysis එකක් වගේ (Strength,Weaknesses,Opportunities,Threats) 2014 මම ගෙවපු විදිහ එහෙම ලිව්වම තම හිතුනේ අපරාදේ ඇයි කලින් අවුරුදු වල මේ වගේ වැඩක් කලේ නැත්තේ කියල.ලියල ලියල අන්තිමට ආයේ පාරක් මුල ඉඳල කියෙව්වා .හිතට දැනුනේ සතුටක්.වෙන වචනෙන් කිව්වොත් මං ගැනම ආත්ම තෘප්තියක්. 2014 අන්තිමට වෙන මොනාද ඕන ආත්ම තෘප්තිය මිසක් .ඒ කියන්නේ 2014 මං සාර්ථක විදිහට අවසන් කරලා .ඔය අතරේ මට කරන්න බැරිඋන, ළඟාවෙන්න බැරි උන සිහිනත් 2014 තිබුන ඒවායෙ කාලේ ආයේ දිග්ගස්සල dead line එකක් එක්කම 2015 ට ගෙනිච්ච.
ඊළඟට තමයි අනෙක් කරුණු ලියන්න පටන් ගත්තේ ඒ කියන්නේ 2015 ට මම කරන්න බලාපොරොත්තු වෙන දේවල්. අධ්‍යාපනික පැත්තෙන් ,පෞද්ගලික ජීවිතයෙන් හැම පැත්තෙන්ම මට ලඟා කරගන්න අවශ්‍ය දේවල් ලිව්වා හැබැයි එහෙම ලියද්දි එක අවුරුද්දකින් ඉෂ්ට කරගන්න පුළුවන් සිහින් ,බලාපොරොත්තු තමයි ලිව්වේ .2015 මම ජනාධිපති වෙනවා කියල ලියල බෑනේ. වෙන්න පුළුවන් දේවල්නේ ලියන්න ඕනෙ .ඉතිං ප්‍රයෝගිකව ලඟා කරගන්න පුළුවන් කෙටිකාලින බලාපොරොත්තු එකින් එකට ලියාගත්තා .ඒ ලියන ගමන් ඒවා ලඟා කරගන්න විදිත් ටික ටික හිතුව .දන්නවද ඒවා ඔක්කොම අන්තිමට ලිව්වම දැනුන දේ. 2015 අවුරුද්දට බලාපොරොත්තු ගොඩක් ලැබුන. පොඩි බරකුත් හිතට නොදැනුනා නෙමේ .ඇයි ඉතිං මේක ලිව්වා වගේ නෙමෙයි ක්‍රියාත්මක කරන්නත් එපැයි. නැත්නම් වැඩක් තියනවැයි :) ඔය දේ තමයි 2015 පටන් ගනිද්දිම මම කරපු දේ. මෙහෙම කරලා මගේ යාලුවන්ටත් කිව්වා එහෙම ලියන්න කියල එයාලගේ අදහස් බෙදාගන්න කැමති අයට මට කියන්නත් කිව්වා .හරි සතුටුයි ඒ අයත් ගොඩක් ඉහලින් හිතල . අලුත් අවුරුද්දට බලාපොරොත්තු ගොඩක්ම එක් කරගෙන .
ඔයාලත් උත්සාහ කරමුද ?මේක නියම වැඩක්.කරොත් වෙනසක් හිතටත් දැනේවි.ඔයාලත් එහෙම වැඩක් කරලා නැත්නම් කරලා බලන්නකෝ .2015 අවුරුද්ද අන්තිමට ආයෙත් ආපස්සට හැරිලා බලන්න පුළුවන්නේ ඔයාල ඔයාලගෙ හීන කීයක් ඉටුකරගත්තද කියල.ඔයාලට ඔයාල ගැනම ඇගයීම් වාර්තාවක් හදාගන්න පුලුවන්නෙ.
දන්නවද මේ ඔක්කොම ලියල අන්තිමට මම හිතාගත්තේ ගිය අවුරුද්දට වඩා වැඩියෙන් හිනා වෙන අවුරුද්දක් මේ අවුරුද්ද කරගන්නවා කියල. සරලව එහෙම කිව්වට එකේ ලොකු අදහසකුත් තියනවා.ඒ කියන්නේ හැම වෙලේම සතුටින් හිනා වෙලා ඉන්න උත්සාහ කරනවා කියල. හිතේ සතුට, මුවේ සතුට වගේම හිනාවෙන් පිරිච්ච මිනිස්සු හමුවෙන ..හැමෝවම සතුටින් තියන්න පුළුවන් වෙන අවුරුද්දක් ලැබෙනවානම් වෙන මොනවද ඕන.අවුරුද්දම හිනා මල් ගොඩයිනෙ නේ .
හිනා දෙනවනම් හැමට
හිනස්සනව නම් අපිව
මොන කෙන්ගෙඩියද තව ඕන කියන්නේ // ..... :D
එහෙනම් අදට ලිව්වා ඇති හැමෝටම සිනා බෝ වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ආයෙත් පතනවා ..හැමදවසක්ම හිනා වෙලා ඉන්න හිතේ සතුටින් හැම දවසක්ම පටන් ගන්න.උදේ නැගිට්ට ගමන්ම මට අද ලැබුනේ ලස්සන සතුටු දවසක් කියල හිතල පටන් ගන්නකො දවසෙම සතුටු නැද්ද කියල බලන්නකෝ ..එහෙනම් 2015 වෙනස්ම ලිපි ලියන්න හිතකුත් පහල කරගෙනම මම යන්නම්.ආයෙත් හමුවෙමුකො ඉක්මනටම :)
හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්ද්දක් වේවා !!

හංසිටත්
ReplyDeleteගෙව ීගිය වසරට වඩා සාර්තක සිනා ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා...
කෝබං සිග්නල්
සුබම සුබ අලුත් අවුරුද්දක් මහේෂ් අය්යේ ..:) ..සිග්නල් මොකටද ඔය ලස්සන හිනාවක් දාගෙන ඉන්න මුළු අවුරුද්දෙම ;) :D
Deleteඔබ සහ ඔබේ සියළු ඥාතී හිතමිත්‍රාදීන්ටත් හංසයෝ දියෙන් කිරි වෙන්කර ගන්නවා වගේ යහපත අයහපතෙන් වෙන් කරගෙන ජයෙන් ජයට යන සුභ නව වසරක් වේවා!
ReplyDeleteසුබම සුබ අලුත් අවුරුද්දක් ! සිනා පිරුණු ,කල්‍යාණ මිත්‍රයන් වැඩි වැඩියෙන් හමුවන අවුරුද්දක් වේවා ! :) :)
Deleteහංසිටත්, පවුලේ අයටත් සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!
ReplyDeleteසිනා පිරුණු නව වසරක් වේවා ! :)
Deleteඅපේ හංසිටත් මේ අවුරුද්ද සියලු පැතුම් ඉටුවන, කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සිනාබෝවෙන, සුබම සුබ නව වසරක් වේවා...!!!
ReplyDeleteස්තූතියි දීප්ති ..ඔයාටත් ඔයාලගේ පවුලේ හැමෝටමත් සිනා පිරුණු නව වසරක් :)
Deleteහංසිටත් සුබම සුබ නව වසරක් වේවා... ඒලැඹෙන 2015 බ්ලොගයටත් හංසිටත් කිව්වා වගේම හොයාගන්නා හංසයාටත් සුබ වේවා............... හංස පැටවු බෝ වේවා.............
ReplyDeleteහි හී ... හංසයින්ට සුරක්ෂිත අනාගතයක් උදාවෙයිද දන්නේ නෑ ..එහෙම උනොත් නම් හංසයෙක් හොයාගන්න පුළුවන් :D ...හංසයෝ ..හංස පැටවූ අපෝ තව කල් තියනෝ :D .....කුරුට්ටෝ හැමෝටම සිනා බෝ වේවා !! :D
Delete