Sunday, August 17, 2014

තාරකා මාළු

තවත් එක් අලුත් දවසක  සුන්දර උදෑසනක් .උදෑසන ප්‍රබෝධය  හැමතැනම පැතිරිලා .එක මහල්ලෙක් උදෑසනම මුහුදු වෙරළට ඇවිත් .වෙරළ අසල තිබ්බ ගල්පඩියකට වෙලා  ඈත වෙරල දිහා බලහිටිය ඔහුගේ ඇස් අහම්බෙන් වගේ යොමුවුනේ වෙරල දිගේ ඈතින් දුවන් එන තරුණයෙක් .ඔහු සැබවින්ම  කඩවසම් තරුණයෙක් .ප්‍රබෝදයෙන් පිරුන ඔහුගේ මුහුණ දිහා බලන් හිටිය මහල්ලා මේ තරුණයා දිහා හිස නැබුරු කරලා ඕනෑකමින් බලන් හිටියේ ඔහු දුවනවටත් වඩා වෙරළේ සරින් සැරේ නැවතෙමින් මොනවදෝ  අහුල අහුල මුහුදට විසිකළ නිසා .මහලු මිනිසාගේ නළල රැළිගැන්වුනා.

මොකක්ද මොහු කරන්නේ ? 


මොනවද මේ අහුලා අහුලා විසිකරන්නේ ?  


ප්‍රශ්න ගොඩක් හිතේ පැන නැග  එනවා කුතු හලය වැඩි නිසාම ඔහු නැගිටිල තරුණය වෙත ලංවුනා . 




මොනවද මේ මුහුදට විසි කරන්නෙ .....වෙන මොනවත් නෙමේ තාරකා  මාළු . හැමදාම වෙරළ ට ගසාගෙන එන තාරකා මාළු දකින එක මහල්ලාට අරුමයක් උනේ නෑ .ඒත් මේ තරුණයා තාරකා මාළු එකින් එක මහුදට විසි කරන එක ඔහුට ප්‍රශ්නයක් උනා .

ඔහු තරුණය සමග සුහදව සිනාසුනා .

පුතා ඔය මොනවද කරන්නෙ?


මම මේ තාරකා මාළු විසිකරනවා . 

                                                වැඩි අවධානයක්  යොමු කරන්නැතිවම පිළිතුරු දෙමින් තරුණයා නැවතත් තාරකා මාළු මුහුදට විසිකරන්න ගත්ත .පිළිතුරින් සෑහීමට පත් නොවූ මහල්ලා නැවතත් ඇහැව්වා..........
  එත් ඇයි පුතා ඔය මාළු මුහුදට විසිකරන්නේ . ?
 ඒ පාර තරුණය මදක් නැවතුනා .මහල්ලා දිහා හිනාවෙමින් බලල ... 

අංකල් දන්නවද මේ වෙරළේ  ලස්සන  කොරල් පරයක් තියන විත්තිය ?

   මහලු මිනිසාත් "ඔව් " කියන්නාක් මෙන් හිස වැනුව . 
අංකල් දන්නවද මේ කොරල් පරයේ ආරක්ෂාවට මේ තාරකා මාළුත් උදව් වෙනවා කියල .දවස පුරා කොරල් පරය අවට ගැවසී ගැවසී ඉන්න මේ මාළු රැල්ලත් එක්ක වෙරළට ගහගෙන  එනවා .හැබැයි  මේ මාළුන්ට ඉර එළියත් එක්ක ජීවත් වෙන්න බෑ   පොඩ්ඩක් හරි ඉර එලිය වැටුන ගමන් මේ මාළු මැරිලා යනවා ඒ නිසා මං කරන්නේ හැමදාම පාන්දර ඉර එලිය වැටෙන්න කලින් ඇවිත් මේ මාළු මුහුදට විසි කරන එක .

එහෙම කියමින් නැවතත් තරුණය වෙරළට නැඹුරුවෙලා  තාරකා මාළු  අහුලලා මුහුදට විසිකරන්න ගත්ත .මහලු මිනිසා ඔහු දෙස ටික වෙලාවක් බලහිටිය .

එත් පුතා ...
              බලන්න මේ වෙරළේ කොච්චර නම් තාරක මාළු විසිරිලා ඉන්නවද පුතා ඔය කරන දෙයින් වෙනසක් වෙනවද ? ??... 
 තරුණයා මදකට තාරක මාළු  ඇහිලිම නැවැත්තුව  එත් ඔහු අතේ  තවම පන අදින තාරකා  මාලුවෙක් ...අතේ තිබ්බ තාරකා මාළුවා දෙස සිනාසෙමින් බලාගෙනම ඔහු මෙසේ කිව්වා .

මම කරන දෙයින් ලොකු වෙනසක් මේ විශාල මුහුදට වෙන්නේ නැතිවෙයි ... ඒත්  මම මේ කරන දෙයින් මේ පුංචි මාළුවාගේ ඉරණමට ලොකු වෙනසක් වෙයි . 

 තරුණයාගේ වචනත් එක්ක මහල්ලාගේ ඇස දීප්තියෙන් පිරුණ .
තරුණයාගේ උරහිසට තට්ටු කරන ගමන් ඔහු කීවා
 පුතා ....අද ඉඳල මමත් එනවා පුතා එක්ක  තාරකා මාළු ඇහිඳින්න .

........ටික වෙලාවකින් වෙරල තීරය දිගේ ඈතටම  තරුකුගේත් මහලු මිනිසකුගේත් පාසටහන්  සටහන් වෙලා තිබ්බ ඈත වෙරල තීරය දිගේ තරුයකුත් මහලු මිනිසෙකුත් තාරකා මාළු ඇහිඳින් යන චායාවක් දක්නට ලැබුන. 


....................................................................................

  

Exam  ඉවර වෙන්නෙ කොයි වෙලේද  කිය කිය නාහෙන් අඬ   අඬ හිටිය මට අන්තිමට අනුරාධපුරේ යන්න හම්බුනා.අනුරාධපුර ගිය දවසෙම හවස පුංචි ලගේ බබාල තුන්දෙනාම වටකරන් උඩමළු නගින්න ලැස්ති උනා ..මල්ලිලාම තුන් දෙනෙක් .දෙවෙනි මල්ලියා හරිම දඟයා .නාහෙට අහන්නේ නෑ .පුංචි නැතිවෙලාවක් බලල හෙමිහිට  කඩයට දුවල මොනවම  හරි උස්සන් එනවා ..කොහොම කොහොම හරි රටකජු පැකට් දෙකකුත් සාක්කුවේ පුරුගෙනම තමා උඩමළුව වඳින්න ඇවිල්ල තියෙන්නෙ .උඩමළු වඳින්න කෙසේ වෙතත් රටකජු පැකට් එක කඩාගන්නයි මල්ලියගේ  සිහිය .මමත් එපා කිව්වේ නෑ ඉතින් ;) .... කොහොම හරි රටකජු පැකට් එකත් කඩලා බොහොම අමාරුවෙන් වගේ මටත් ඇට 2ක 3ක් දීල අන්තිමට ඉටිකොලේ පාරට විසිකලා . 

මල්ලි !!..........
මොනාද ඒ කර කතා වැඩේ ?   ....අහුලනවා ඒක ?.... අපෝ ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ කියල දීල නැද්ද  ඕවනරක වැඩ කියල  .  මාත් ඔරෝගෙනම මල්ලිට සද්දේ දැම්ම .

අනේ  යනවා යන්න ..මං කොළයක්  දැම්මයි කියල මොකද වෙන්නෙ  අනෙක මං  විතරද දාන්නේ.මේ හැමතැනම දාල තියෙන්නේ.

මල්ලි ඒපාර  මට සද්දේ දැම්ම .

හ්ම්ම්.. ඉතින් හැමෝම කොළ විසිකරනවා කියල මේවගේ පන්සලක ඔයත් විසිකලොත් හරිද ..හරි හිතල බලන්න ඔයත් ඉටිකොළ තැනින් තැන විසිකරනවා මාත් විසිකරනවා .ලොකුඅම්මා ,පුංචි ,අය්ය ,මල්ලිලා මේ හැමෝම මෙතන ඉටිකොළ විසිකලොත් මොකද වෙන්නෙ .මෙතන ඉබේම කුණුගොඩක් නෙ .ඒ නිසා ඔයාගෙන් පටන් ගන්න හරිද?


එහෙම කියල මම ඉටිකොලේ ඇහිඳලා මල්ලිගේ සාක්කුවට දැම්ම .මට තාමත් මතකයි  මල්ලිගේ හිනාව .මං දන්නවා එයා ආයෙ ඒ වැරැද්ද නොකරාවි කියල  .


.මට එක දෙයක් හිතුන ..අපිට මහා දේවල් කරලා ලෝකෙට පෙන්නන්න ඕන නෑ එක පොඩි දෙයක් කරාම ඇති  ...එකෙන් අන්තිමට අපි නොහිතන ලොකු සුබවාදී වෙනසක් අපිට කරන්න පුළුවන්........


..................හිතන්න .....................        





7 comments:

  1. උඩ කතාව පරිවර්තනයක්ද??

    ReplyDelete
  2. ඔව් ඒ කතාව මට අහන්න හම්බුනේ ගිය බ්‍රහස්පතින්දා ..මගේ ජීවිතේ අහපු ලස්සනම වගේම හොඳම දේශනයෙන් Art of living ..දේශනය කලේ අජිත් රෝහණ කොලොන්නේ කියන සර් .මේ කතාවත් එක්ක සර් කියපු ගොඩක් දේවල් හිතේ රැඳුන නිසාම මේක ලියන්න හිතුන

    මේ video එක ඒ කතාව ගැන කියවෙන්නේ https://www.youtube.com/watch?v=uizXjrTCaYs

    ReplyDelete
  3. නියම කතා දෙක.. ඇත්තටම ගති..

    ReplyDelete
  4. ගොඩක් ස්‌තුතියි :)

    ReplyDelete
  5. උඩ කතාව කොහේදෝ මාත් කියවල තියනවා.. ඒකට එකතු උණු තව කොටසක්. අපූරුයි.. අපිට මුළු ලෝකෙම වෙනස් කරන්න බෑ.. එක පුංචි දෙයක් කරන්න පුලුවන්නම් ඒකත් ලොකු දෙයක්..

    ReplyDelete
    Replies
    1. පුංච් දේ ලොකු වෙනසකට මුල පුරාවි ..අපිට ඒ පුංචි දෙයින් පටන් ගන්න පුළුවන් :)

      Delete
  6. //මම කරන දෙයින් ලොකු වෙනසක් මේ විශාල මුහුදට වෙන්නේ නැතිවෙයි ... ඒත් මම මේ කරන දෙයින් මේ පුංචි මාළුවාගේ ඉරණමට ලොකු වෙනසක් වෙයි . //

    :) මේ කතාවේ වෙන වර්ෂන් එකක් තමයි මට මුණ ගැහුනේ. මේකත් හිතන්න ගොඩක් දේවල් තියෙන කතාවක්!

    ReplyDelete